__________ 🖤🌹__________________
මින්සොක් අවන්හල පිටුපස සිට ආවේ විඩාබර මනසින් හා ගතින් . දෑස් තියා ආවේම සෙමී හිඳ සිටි මේසය දිහා බලාගෙන. ඇය එතැන නැති වෙද්දි මින්සොක් ඉණට දෑත් තියා දෙබැම හකුළුවාගෙන අවන්හලපුරා දෑස් ගෙනගියේ සෙමීගේ රුව සොයමින්. ඇය නැති වෙද්දී කළඹල වූ මින්සොක් වහා දිවගියේ එළිමහනටයි.
" සෙමී ....සෙමී ....සෙමී...."
මින්සොක් කෑ ගසමින් වැව ඉවුර දිගේ එහාට මෙහාට දිවගියේ තමන්ගේ කොන්ඩය දෑත් වලින් ඇඳ ගනිමින්.. මින්සොක්ගේ සිතට දැනුනේ භයක් ,තැතිගැන්මක් ඇයට අනතුරක් යන සිතුවිල්ල වඩා ප්‍රභලව සිතට දැනෙද්දි මින්සොක් හතර වටේ දුවන්න ගත්තේ උමුතුවූවෙක් වගේ...
හිස හතර වටේ කරවමින් දුවන මින්සොක්ගේ දෑස් ගියේ අඳුරු ලැහැබක් ලඟ ඉන්නා මිනිසුන් කිහිප දෙනෙකුට... මින්සොක් ඒ දුටු ගමන්ම කඩාගෙන බිඳගෙන දිව්වේ වට වෙලා ඉන්න පිරිමින් කිහිප දෙනෙක්ම දෑත් වලින් තල්ලු කරගෙන කෑ ගහගෙන...
" සෙමී ....සෙමී ...ඔයාට මොකද වුණේ..."
බිම තියෙන සිරුර මින්සොක් බඳාගෙන කෑ ගැහුවේ අසල හිටි මිනිස්සු එකිනෙකා දිහා අඳුරේම බලාගෙන මුමුණද්දි...
" සෙමී ඔයාට මොකද වුණේ ප්ලීස් කතා කරන්න සෙමී ..... සෙමී ..."
බිම තිබුණු මළ සිරුර අසල දෙදණ නමාගත් මින්සොක් දෑතින්ම ඇඳ පපුවට තුරුළු කරන් කෑ ගැහුවේ තවමත් හිසින් ලේ ගලන සිරුරේ
ලේ වලින් සුදු පැහැ කමිසය රටාවකට ලේ වලින් නැහැවෙද්දි..." මේ....සර්ගේ කවුරු හරිද...?
විලාප තියන් කෑ ගහන මින්සොක්ගේ දෙවුරෙන් සෙලවු අවන්හලේ මුරකරු ඇසුවේ ටෝච් එක ඔහුගේ මුහුණ අසලට ලං කරන ගමන්...
හාත්පස තිබු අඳුර කපාගෙන එළියක් වැටෙද්දි කඳුළු බේරෙන මුහුණ මින්සොක් හැරවුයේ තමන්ගේ පපුව මත තද කරන් ඉන්නා මුහුණ දිහාවටයි...
පැහැපත්...රූමත් සොඳුරු මුහුණක් වෙනුවට...අඳුරු පැහැ ,කම්මුල් ගිලිනු මුහුණ දුටු වනම මින්සොක් සිරුර දෑතින්ම තල්ලු කළේ මළ සිරුර නැවත තණකොළ බිස්ස මතටම වැටෙද්දි ...
මින්සොක්ගේ විලාප තිබිල්ල එකවර නැවතුණේ මුව භාගෙට ඇරෙද්දි...
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...