___________ 🖤🌹___________________
5 Years Ago......
පැය තුනක පමණ වේලාවකට පසු ජන්ග්කුක් හා යුන්ගී සෝල් නගරයට ලඟාවුනා. මුළු වේලාවෙම ජන්ග්කුක් හිටියේ පසෙකින් තිබු ෆයිල් ටික එකින් එක බලමින් හිසවත් ඔසවන් නැතිව....
නගරයෙන් ඇතුළට මෝටර් රථය හරවත්ම ජන්ග්කුක් ෆයිල් කවර ටික
පසෙකින් තබා දෑත් දෙපා දිගු කරමින් වටපිටාවට දෑස් ගෙනගියේ සුන්දර පරිසරයක් දෑස් මානයෙම පෙනෙද්දි" ජන්ග්කුකා....දැන් ෆයිල් ටික චෙක් කරලා ඉවරයි වගේ ..."
" ඇයි... යුන්ගි එහෙම ඇහුවේ..."
" නැහැ ඉතිං උඹ බූසාන් වල ඉදන්ම ඔළුවත් උස්සන්නේ නැතුවම නේ ඕවා බල බල හිටියේ..."
" මේවල චෙක් කරන්න කිසිම දෙයක් නැහැ ..මේවා මම විසි පාරකට වඩා චෙක් කරලා තියෙනවා කරන්න දෙයක් නැති නිසා
තමයි බල බලා ආවේ...දැන් අපි ප්ලේස් එකට යනකම්ම තියෙන්නේම ඇහැට ප්‍රිය දේවල් නෙහ් බන්...ඒවා මට බලන්න ඕනේ ..."" ඒක නෙමෙයි අපි දිහටම ඉන්නේ හොටෙල් එකෙද?"
" මේ සතියේ ඉන්න වෙයි.... ඊටපස්සේ අපිට පුළුවන් ආපහු බූසාන් වල මගේ බංග්ලෝ එකේ ඉන්න .අපිට එහෙට ගියාට පස්සේ තමයි වැඩ පටන් ගන්න වෙන්නේ....එතකම් අපිට ෆන් එකේ ඉන්න පුළුවන් ."
" මෙයාගේ ෆන් එක...කොයි වෙලෙත් ඉන්නේ ගොළු කාමරංගා කාලා වගේ..."
යුන්ගී එසේ සිතන ගමන් වීදුරුවෙන් එපිට බැලුවේ...කළඹලකාරී පරිසරයෙන් විඩාබර වු නෙත් වලට සහනයක් ලැබෙද්දි....
____________________________________________
" ජන්ග්කුකා...... ඔච්චර ඈත යන්න එපා බන්... "
" ඈත යන්නේ නැතුව කෝමද හොදට නාගන්නේ "
" නාන්න උඹට මුහුද මැද්දටම යන්න ඔනේද... හොටෙල් එකට ගියාම දවසමහරි පූල් එකට වෙලා ඉන්න පුලුවන්නේ......."
" මං පොඩි එකෙක් කියලා හිතුවද උඹ... මට ටිකක් නිදහසේ ඉන්න දීපන්..."
" හා හා නිදහස භුක්ති විදලා ඉවර උනාම වරෙන් "
සෝල් වලට ඇවිත් දින කිහිපයකට පසු ජන්ග්කුක් බීච් සයිඩ් එකට ගියත් හිතේ හැටියට නාන්න ලැබුණේ නැත්තේ..
පිටිපස්සේ ඉදන් කෑ ගහන යුන්ගිගේ හඬට...
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...