__________ 🖤🌹___________________
සෙමී මින්සොක්වත් දමාගෙන වාහනය එළවාගෙන මින්සොක්ගේ නිවසට යනතෙක්ම මින්සොක් සිටියේ එක අතකින් හිස තදින් තෙරපාගෙන...
මින්සොක්ට දැනුනේ තම හිස ඇතුළේ යමෙක් පෙරළි කරනවා වගේ හැඟීමක්... සෙමී දිහා බලන හැමවතාවකම හිස ඇතුළෙන් කෑ ගැසුවේ...
" වද දීලා මරපන් ඕකිව.....මරපන්...මරලා වළදාපන් "
සෙමී ගැන දැනෙන ආදරණීය හැඟීම හිස ඇතුළෙන් දැනෙන වියරු හැඟිමට වඩා ප්‍රභලයි.... ඇයව මරන්න බල කරන සිත ඇතුළෙන්ම මින්සොක් මවාගත්තේ සෙමීගේ ආදරණීය මුහුණයි...
මින්සොක්ගේ නිවසට ගිය සැනින් මින්සොක් වාහනයෙන් බැහැලා ගෙට දිවගියේ...තමන් සමඟ තවත් කෙනෙකු නැතිවා වගේ...
සෙමී බලා සිටියේ තමන් ගැන වගේ වගක් නැතුව නිවසට දිවයන මින්සොක් දිහා..
" මින්සොක්ට අද මොනවා වෙලාද ? මම ඩිනර් එකට හිටිය නැති හින්දද...මට ගේ ඇතුළට කතා කළේවත් නැහැ ...ආපහු කොහොමද මම යන්නේ..
uber එකක්වත් දාගෙන යන්න තමයි වෙන්නේ "වාහනයෙන් බැස්ස සෙමී ඉස්සි බැලුවේ පාර දිහා... රාත්‍රී එකොළහට ආසන්න වූවත් තවමත් පාරේ වාහන. ටැක්සියකට කතා කරනවා යැයි සිතා සෙමී දුරකථනය අතට ගෙන මඳක් කල්පනා කළ බැලුවේ මින්සොක්ට යනවා කියා යායුතු බවයි...
නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළුවුනු සෙමී බැලුවේ මින්සොක් කොහෙදැයි කියලයි. මින්සොක් පෙනෙන්න නොසිටියත් නිවසේ උඩු මහලෙන් ඇසුනේ යමක් ඇඳගෙන ඇඳගෙන යන සද්දෙයි...බඩු පෙරළන හඬයි. දෙවරක් නොසිතාම සෙමී වහා දිවගියේ හඬ නැඟෙන දිහාවට...
නිවස ඇතුළතට දිව ගිය මින්සොක් කෙළින්ම ගියේ නිදන කාමරයටයි.තම කාමරයේ ඇති කබඩයේ සියලු ලාච්චු හැර බැලුවේ..
තම හිස රිදීම ආරම්භ වන මොහොතේම භාවිතා කරන බෙහෙත් පෙත්ත ගන්න...හදවත් රෝගියෙකු නිරන්තරයෙන්ම ලඟ තබාගන්නා බෙහෙත් පෙත්ත වගේ මින්සොක් තමන්ගේ බෙහෙත් කුප්පි
බෝතලය ලඟා තබා ගත්තත්...අද එය අස්ථානගතවී තිබීම මින්සොක්ගේ සිත වඩ වඩාත් වියරු වැටුණා.
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...