Who Are You?

104 16 0
                                    

නොහිතන්නට ඇති වන්නට එවන් රාක්ශයෙක්,
ඔහුගේ සතුට දෑස් මානෙන් දුරට යද්දී,
දැනෙන්නට ඇති වේදනාවක් පපුව පැලෙන්නට තරම්.....
නොහිතන්නට ඇති දෙන්න වේදනාවක් සෙනෙහෙබර හිත්වලට,
නොතිබුනි කරන්නට යමක්  ඔහුටවත් පාලනය නැති ,
තමන්ගේ යක්ශ හිත ඉදිරියෙ..

සමාජයම පිලිකුල් කරද්දි දැනෙන්නට ඇති එ හිතට අසරණ කමක්...
අහිංසක හිත වේදනාවෙන් මිරිකෙද්දී
හඩන්නට ඇති පැයගනන්..
වතුර මල යටට වී
දියකරන්නට ඇති තම කදුලු පැය ගනන්..
ඔහුගෙම නිය විස ඔහුගෙම ඇගට වේදනා දෙද්දි රිදෙන්නට ඇති මහ ගොඩාක්...

හිතන්නට ඇති දෙන්නට ආදරේ මහමෙරක්,
හිතන්නට ඇති උනුහුමක් දෙන්නට සිඟිති පැටියාට...
මවන්නට ඇති හීන ලස්සන පුන්චි කුරුලු පව්ලක් මෙන්...
නමුදු ඔහු අසරණයි ඔහුගෙ අදුරු පසු බිම ඉදිරියේ...

දැනෙන්නට ඇති මහලොකු  තනිකමක්...
ආස ඇති තවත් තුරුලු වන්නට ඇයගේ උනුහුම් පපුවේ...
ගෙනදෙයි ඔහුට සැනසීමක්.
නොදැනෙයි වේදනා තව දුරටත්........

කෙතරම් රිදෙන්නට ඇතිද ඒ අහිංසක හිත..
කෙතරම් අසරණ වුනිද ඒ හා පැටියෙකු මෙන් අහිංසක හිත..
කෙතරම් තමන්ටම බයෙන් ගුලි ගැහුනිද  ඒ පුංචි හිත...
විදදරාගත්තට වැඩි නැද්ද බර ඒ හිතට...

Kim son joon

Written for bts fanfiction by author Niku_bunny

Memory Book🌸💕Where stories live. Discover now