වයසටත් කලියෙන් මහ බරක් දරන්
හිසේ..
හැබෑකරගන්නට
හින පොදියක් බැඳන් හිතේ..
සොවුල් නගරය වෙත ආ
ඔහුයි බුසාන් හි පොඩි කොලුවා...සිතුවටත් වඩා මහ විසාල නගරයක,
නන්නාදුනන මිනිසුන් අතරේ
අතරමං වෙන්න ඇති ඔහු..
අනේ ආයෙත් දුවන්න හිතෙන්නට ඇති
අම්මාගෙ තුරුලට...හීන හැබෑකරන්නට
මහ වෙහෙස දරන්නට
නිමක් නැති කඳුළු හලන්නට
අයියලගෙ උර වුන්නට ඇති,
ඔහුට මහමෙරක්..ලොවක් ඉදිරියේ දස්කම් පානා
සාවෙකු මෙන් සිනා මවනා
කඩවසම් ලොක්කෙක් වුනත්
ඔහුයි තවම අයියලාගෙ
පොඩ්ඩා...හරි හරියට සිනහ වෙමින්
අයියලාවත් ඇදන්
පොඩි දරුවෙකු මෙන්
කෙලි සෙල්ලම් කරන්
ඔහුයි ලොව ආදරනීයන්ගේ දගයා...
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25