තරුණයන් නිදහස් විඳිද්දී
තැන තැන..
ඕනි වුනත් ඒ ලෙසටම ..
කාටත් කලියෙන්,
කරට ගත්තා මහ බරක් ඔහු,
දරන්නට ඇති දුකක් නොපෙන්වා ඔහු..
හීන එක්ක, නිමක් නොපෙනෙන දුරක් එක්ක...
මහා සොවුල් නගරයක තනි වෙද්දි,
වෙන්නට ඇති ලොකු අයියලා හොද හයියක් හිතට..නීති වලට කොටු වෙන්න ඇති,
වගකීම් වල යට වෙන්නට ඇති,
වැටකොටු සීමා මායිම්,
පහුකරන්න හිතන්නට ඇති
දහස්වරක්..
නමුත් වෙනසක් නොපෙන්වා ඉටුකරන්නට ඇති ඔහු..තිත්ත වෙන්නට ඇති ඒ ජීවිතේ
පුහුණු වීම් වලින් පිරුණු..
නිදහසක් නොමැති වෙලාවක
අනේ ඕනි නෑ කියලා හිතන්නට ඇති..
ඉවසන් දරන් ඉන්නට ඇති ,
මහලොකු අමාරුවකින්..
මන්ද පන දෙන්නට කොල්ලො ටිකක් හිටියා හැමවෙලේ..දරන්නට බැරි තරම්,
දෝශාරෝපන ලැබුණත්,
දහස් ගනන් ප්රතික්ශේපවිම්
ලැබුණත්,
ඇස් දහසකින් ඔහුගේ රූපය මැන්නත්,
ලොකු මහන්සියකින්,
අනේ හංගන් විදවන්නට ඇති
තනියෙන්..
පුදුමයකි හයිය ඒ හිත දරන්...හිතින් හඩන්නට ඇති,
ලෝකෙටත් හොරෙන්..
අහසටත් වැඩියෙන්
කඳුළු දරන්නට ඇති බර ගනන්..
නමුදු තවමත් වල ගැහෙන කම්මුලෙන්
සිනා නගනවා,
ලොකයක්ක් වසන් කරන්..ඔහුයි පන දුන් නායකයා
ලොවකට වගකීමක අරුමය කියාදුන් ගුරුවරයා...
හැඩි දැඩි සිරරු දරන් කඩවසම් කොලුවා,
පණක් දිය හැකි උතුම් සහෝදරයා ..
සිත් දහසකට දිරි දුන් මං තනන්නා..For kim namjoon❤️🍁
![](https://img.wattpad.com/cover/292703509-288-k817848.jpg)
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25