Only Him🍂

34 12 0
                                    

දවසක් මං හිතුවා,
මටත් ඕනි ඔයා වගේ කෙනෙක්..
ඔයාගෙ වගේ වල ගැහෙන කම්මුල් හිනාව තියෙන කෙනෙක්...
ඒත් ඒ හිනාවට වල ගැහුනේ ඔයාගෙ කම්මුල් විතරමයි...
මට ඕනි වුනා,
ඔයාගෙ වගේ ආදරණීය කතාවක් තියෙන කෙනෙක්...
ඒත් ඒ කතාව අයිති උනේ ඔයාටම විතරයි..
ඔය වගේ ගාම්භීර හඬක් අයිති කරගන්න
මටත් ඕනි වුනා..
ඒත් ඒ තරම් ගාම්භීර වුනේ ඔයාගෙ හඬ විතරමයි....

ඉතින් ඔය හිත මල් යායක වෙනම ලස්සන ලිලී මලකට ආලය කරද්දි...
කලු රෝස මලක් වුනු මම දුරින් ඉදන ඔය හිතට පෙම් බැන්දා..

ඔයාටම විතරක් පෙම් බැන්ද කලු රෝස මල
ඔදූන්...💕
..................................................................................

මතකද දවසක්
කොහෙන්දෝ ආපු කුමාරයෙක්
මගේ පාර වෙනස් කලා?
කවුරුත් නොදුන්න තැනක්
ඔයාට වෙන කලා...
මතකද තවමත් ඒ හිනාව..
කාන්තාරට ඇදහැලෙන පොද වැස්ස වගේ
හිතට තෙත උනන...
දවසක් අල්ලන්න බැරි
හීනයක් හොයාගත්තා
මතකද?
අල්ලන්න බැරි වුනත්
සනසන්නෙත් ඒ හීනෙමයි නේද?

ආදරණීය ඔදූන්..❤️

Written for Nmajoon's fanfiction ONLY HIM🍂 by kim_son_joon

Memory Book🌸💕Where stories live. Discover now