කඳුලු උනන්නේ ගැහැනු ඇස් වල විතරද?
දරු සෙනහස දැනෙන්නේ ගැහැනු හිතට විතරද?
වේදනාවෙන් තැලෙන්නෙ ගැහැනු හිත් විතරද?පිරිමි හිතටත් දැනෙනවා නොවෙද?
දරු සෙනෙහස ,
වේදනාව..අම්මගෙ නමට කවි පද ලියවෙද්දී
ඇත්තමයි කාටවත් හිතුනෙම නැද්ද,
ආදරණීය තාත්තා දිය වෙන හිතක් තිබුන,
පිටතින් කලු ගලක් වගේ ශක්තිමත් වුනු
දෙවියො මැව්ව හරි අපූරු මනුස්සයෙක් කියලා?අයිතියක් නැති කිරි සුවඳට
ඔහු ආදරේ කල තරම්..
කිරි නොඑරුනාට
ඊට හරියට කඳුළු ගැලුව තරම්..කිම් සෝක් ජින්
ඔහු නොවේද ඒ අපූරු පියා?Kim son joon
Written for JinKook Fanfiction HiddenLove by author JinNu97
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25