සිහින් තුඩැඟිලි ,
සුදු පැහැය පුරා..
තවරා වර්ණ,
නෙක රටා මවා..
දළුලන සිතිවිලි,
සිතුවම් වෙලා..
දහසින් අරුත්,
සිත පුරා දුවා...2022.10.17
Kim son joon
චිත්ර,
එක කාලයක් තිබුනා මට අඩුම මලක් වත් ඇඳගන්න බැරිව තිබුන..
හරියටම අවුරුදු 15 කට පස්සෙ මට නිකමට ටේහ්යන්ගෙ චිත්රයක් බලාගෙන අඳින්න හිතෙනවා.. එදා මාවත් පුදුම කරල මං හිතුවටත් වඩා හොඳට ඒක මගෙ අතින් ඇඳුනා..ඉතින් චිත්රවලට,
පාට වලට මං ආදරේ කලා..
රත්නපුරේ art galleries, museums වගේ ඒව මං හැමතැනම හෙව්වා.. ඒත් අවාසනාවක මහත කියනව නම් මෙහෙ තියෙන්නෙ පාලුවට ගිය එකම් එක කෞතුකාගාරයක් විතරයි..දවසක නිදහසේ ඉන්න වෙලාවක,
පාට ටිකක් ලඟට අරගෙන පින්සලෙන් සුදු කඩදාසි පුරාවට හිතු මතේට වර්ණ ගන්වන්න ආසයි.. තාම මම ඒක උත්සහ කරලා නෑ..නුවර ,කොළඹ වගේ තැන් වල තියෙන art galleries, එහෙම නැත්තම් art exhibitions වගේ දේවල් මං social media වලින් දැක්කා.. අනේ මට හිතුන එකම දේ ඇයි අඩුම ඉස්කෝලෙකටවත් බැරි පුන්චියට හරි චිත්ර ප්රදර්ශනයක් තියන්න.. ඉගෙනීමම විතරමද කියලා..
🙂
YOU ARE READING
Memory Book🌸💕
Poesiaමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25