තාත්තා,
මට මේක විශ්වාස කරන්නත් අමාරුයි තාත්තා.. තවමත් මං හීනෙක ජීවත් වෙනව වගෙයි. මට මතකයි ඔයා දාලා මේ ලෝකෙන් ගියාට පස්සෙ මායි අම්මයි තනියම ගියපු වෙඩින් එකක මාමා කෙනෙක් හම්බුනා.. එයා හරි පුදුම කතාවක් කිව්වා තාත්තා. "කෙල්ලේ.. උබ ගොඩ දාගන්න ඕනි.. උබේ තාත්තා හැමදාම බිස්නස් කරන්න ඇවිල්ල මගෙ කෙල්ල නම් කරගනියි බය නෑ කිව්වා.. මං හිතුවේ නැහැ මගෙ තාත්තා එච්චර ලොකු දෙයක් මං ගැන හීන මැව්වා කියලා.. මොකද ඔයා කවදාවත් ඒ වගේ දේකට බල කරලා නැති නිසා.. ටිකෙන් ටික විභාගෙ ලං වෙද්දි මට බය හිතුනා තාත්තා.. ඔයා කවදාවත් මට නොකිව්ව මං ගැන මැව්ව හීනෙ මට මතක් වුනා..
දවස් නවයක් පුලුවන් තරම් කට්ටක් කාලා ලිව්වා.. හිත තිබ්බෙ මඩේ හිටවපු ඉන්නක් වගේ.. ප්‍රතිඵල ගැන විශ්වාසයක් නැතුවා ඒ පැත්තට මේ පැත්තට වෙවී හිටියා.. ඉඳලා හිටලා මට මැවිලා පෙනුනා A අකුරු නවයකින් මගෙ රිසාල්ට් ශීට් එක පිරිලා තියෙනවා..අන්තිමට ඒක එහෙම වුනා තාත්තා.. මට නොකිව්ව මගේ තාත්තා අදරෙන් මැව්ව A9 හීනෙ මං හැබෑ කලා.. අනේ මගෙ තාත්තා හිටියා නම් මේ වෙද්දි මොනා කරයිද කියලා හිතාගන්න බෑ තාත්තා..
හැමෝම තව යන්න තියෙන දුර ගොඩක් දුරයි කියලා සුභපැතුවට මේ ආපු දුර, අඩිපාර දිහා ආයේ මාත් එක්කම හැරිලා ලෝකෙම දින්නා වගෙ ඔයා විතරක් කතා කරයි. සතුටින් දිලිසෙන අස් වලින් සතුටු කඳුළු ගොඩක් කඩන් වැටෙයි නේද තාත්තා..?
තාත්තා මට නොකිය මැව්ව හීනේ හැබෑවීමත් හීනයක් නම් මං ප්‍රාර්ථනා කරනවා මාව කවමදාකවත් ආයෙ අවදි නොවෙන්න කියලා.. ඒත් ඒ හීනේ ඔයා නැති හිඩසත් පිරෙනවා නම්..
2022.12.01
ඉතින් ලමයි මගෙ හිතේ මෙච්චර වෙලා හිර කරගෙන හිටිය දේවල් මට කියන්න ඕනි වුනා.. මගේ තාත්තා හිටිය නම් කියන එක හිතේ දෝංකාර දෙනවා..
YOU ARE READING
Memory Book🌸💕
Puisiමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25