පිරිමි

58 6 2
                                    

ලස්සන ආදරකතා ගෙතුනේ,
ආදරණීය හමුවීම් වල කිව්වට,
මට නම් හිතුනෙම,
නොනිමි ආදරයක් ගෙතුනෙ,
කඳුළු කතාවක,
පටන්ගැන්මකින් කියලා..

හැම ආදර කතාවක්ම
හරි වින්දනීයයි කිව්වට
ඒ ඇතුළෙ තිබුණු ,
විඳවීමත් නොවින්දා නෙමෙයි..
ආදරයක අවසානය වසන්තයක් කිව්වට,
කඳුලින් ඇරඹුණු මේ ගමනෙ,
අවසානය ගිම්හානයක් වෙලා..

ඔය හඬ අවදි වෙන වාරයක් පාසා
බලන් උන්නෙ ,
ආස කරන වචන ඇහෙනකම් වුනාට,
කවදාවත් නොකියවුනු වචන තව තවත් බලාපොරොත්තු වුනා මම,

නමුත් ප්‍රමාදයි,
' ආදරෙයි' යැයි කියන්නට ,
සුදුසු වසන්තය නික්මිලා ගිහින්..
ගව්ගානක් දුර ගෙවිලා ගිහින්,
ගිම්හානයකම එය ඇහෙන්න ඇත්තෙ,
මේ හිතට අයිති ගිම්හානයක්ම
විතරක් වෙන්න ඇති..
                          
                      ~ටේහ්‍යන්ග්~
#kim son joon
#පිරිමි

Written for 'පිරිමි' by jinshi_0811

Memory Book🌸💕Where stories live. Discover now