Still in love
Chapter 06(part 1)
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
හිම.. සීතල කාලෙට තමයි හිම වැටෙන්නෙ..මේ පටන් ගත්තේ ඒ කාලේ.. සමහරු ආස, තව සමහරු අකැමති කාලේ සීත කාලේ.. හැම කාලෙකටම සමහරු ආසයි සමහරු ආස නෑ.. ඒක කාලෙ වැරැද්දක් නෙවේ..ඒක මිනිස්සුන්ගේ ස්වභාවය..දන්නවද...සමහර මිනිස්සුත් ඉන්නවා අයිස් වගේ.. හිතේ තියෙන හැඟීම් හංගගෙන..තව සමහරු ඉන්නවා.. හරිම ස්වාධීනයි..හැඟීම් ඉක්මනට කියන.. හැබැයි දන්නවද.. සමහර හැඟීම් හංගන් ඉන්න තරමටම හොදයි කියලා..
සීත කාලෙට මල් නොපිපෙන්නෙ නැත්තෙ නෑ..හැබැයි ඒ සීතලට හුරු වෙලා..සමහර මල් වල ජීවය තියෙන්නෙ අයිස් ඇතුලේ 🥀.. මලක් ආදරෙන් රැක බලාගන්නකම් ලස්සනට තියෙනවා..ඒත් නටුවෙන් කඩලා ගත්තාම ඒ මල පර වෙනවා... හැමදාම මලේ ලස්සන බලන්න ඕනෙ නම් කවදාවත් නටුවෙන් කඩන්න එපා..
"ලස්සන සමහරක් දේවල් ලගට ගත්තාම අඩුපාඩු පේන්න ගන්නවා.."
~උපුටා ගැනීමක්~
දුරට පේන ලස්සන ලගට ගත්තාම නෑ..සමහර දේවල් තියෙනවා දුර ඉදලා බලලා සතුටු වෙන්න ඕනෙ..සමහරු ඉන්නවා... ලගට ගන්න ඕන දේවල් ඕනම වෙලාවේ ලගට ගන්න අය..ඒ අය ජිවීතේ දිනනවද... කියන්න බෑ.. සමහරු ඉන්නවා ජීවිතේ විදවන අයත්.. ආදරේ කොහොමද... ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි... අත්හැරීමත් ආදරයක්...සමහරු විවිධ හේතු නිසා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරලා ඈතකට යනවා.. දන්නවද... නොලැබෙන දේවල් පස්සෙන් ගියොත් අපිට ලැබිලා තියෙන ඒවා මගහැරෙනවා..ආදරෙත් එහෙමයි..
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...