🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 23🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
සෙහුන්යි layයි ගෙදර එද්දි පාන්දර වෙලා.. layයි සෙහුනුයි හිමින් හිමින් කාමරේට යන්න ගියේ jin byeon ඇහැරෙයි කියලා... ඒත් සෙහුනුයි layයි නොදැක්ක එක දෙයක් තිබ්බා..
සෙහුනුයි layයි කාමරවලට යනවා බලන් ඉදලා jin byeon ඔෆිස් රූම් එකෙන් එලියට ඇවිත් එයාගේ කාමරේට ගියේ කට කොනින් හිනා වෙන ගමන්....
කාමරේට ගිහින් jin byeon කාමරේ තිබ්බ පුටුව උඩින් වාඩි උනේ පිච්චෙන බැල්මක් දාගෙන.. දකින කෙනෙක්ට කියන්න පුලුවන් jin byeon ඉන්නෙ පුදුම තරහකින් කියලා.. මොකද ඒ තරම් jin byeon ගේ මූණේ තිබ්බෙ තරහක්... ඒත් නෑ ... jin byeon ඉන්නෙ තරහකින් වගේම දුකකින්...
තරහෙන් පිරිලා තිබ්බ මූණ දිගේ ඇස්වලින් ගිලිහුන කඳුලු බින්දු කීපයක් ගලන් ගියා... ඒක jin byeon ගේ කලු ගලක් වගේ තිබ්බ හදවතේ දුර්වල කම එලියට ආපු වෙලාව...
හිතක් පපුවක් නැති තිරිසනෙක් කියලා මිනිස්සු බැන්න.. තමන්ගේ බිරිදවම මරාගත්තා කියලා මිනිස්සු බැන්නා.. තමන්ගේ හොදම යාලුවවම මරන්න හැදුවා කියලා මිනිස්සු බැන්නා.. තමන්ගේ පුතාව මරන්න හැදුවා කියලා මිනිස්සු බැන්නා... ජීවිත කාලෙම කලේ බැනුම් අහන එක.. කවුරුත් එයාට හොදක් කිව්වෙ නෑ.. කවුරුත් ආදරෙන් එක වචනයක් කතා කලේ නෑ.. කවුරුත් ඇහුවේ නෑ jin byeon ඇයි ඔයා ඔය වගේ වැඩ කරන්නෙ කියලා..කවුරුත් ඇහුවේ නෑ.. කවුරුත් නෑ... jin byeon කියන්නෙ තනිවුන මනුස්සයෙක්... එයාගෙ හිතේ තිබ්බ වේදනාව එයා එලියට පෙන්නුවේ නෑ...
Jin byeon කියලා ඇතුලේ ඉන්න සංවේදි මනුස්සයට වඩා jin byeon ලෝකෙට පෙන්නුවේ කිසිම අනුකම්පාවක් නැති නරුම මිනිහෙක්ව..ඇයි ඇයි එයා එහෙම කලේ..කවුරු හරි හේතුවක් ඇහුවද... මනුස්සයෙක් නපුරු වෙන්නත් හේතු තියෙනවා... ඕනම මනුස්සයෙක් දන්නෙ තව කෙනෙක්ට චෝදනා කරන්න විතරයි... දන්නෙ නෑ ඒ මනුස්සයාට චෝදනා කරන්නෙ ඇයි කියලාවත්...කවුරු හරි බනින්නම් වාලේ බනින මිනිස්සුත් ඉන්නවා...
👾" ji kyun... මට සමා වෙන්න...මියානේ ජේබල්...මියානේ... මන් කලබල උනා.. මට ඉවසන්න තිබ්බා..මියානේ ජේබල්...මන් හිතුවේ නෑ.. අනී....මට එහෙම ඕන උනේ නෑ.... ඇයි ඔයා එහෙම කලේ..ඇයි..ඔයාට තිබ්බා මට කතා කරන්න.. මගෙන් අහන්න.. මන් නරක මනුස්සයෙක්ද... මන් මොකෙක්ද.... "
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...