𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 24🥀🐥🦄👾

57 17 17
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 24

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කවුරුත් කරන දේවල් එහෙම නවත්තන්න බෑ.. ඒක අමාරු දෙයක්... ඒකෙන් විදවන්න වෙන එක විතරයි වෙන්නෙ... ඒක නිසා ඔයා මේ දේවල් වලින් ඈත් වෙන්න..ඔයා දන්නවා මන් කියන්න මොනවා ගැනද කියලා.. සමහර විට මේ දේ මන් ගැනම වෙන්නත් පුලුවන්..ඒකනිසා මේ ප්‍රශ්නෙන් ඈත් වෙලා ඉන්න සෙහුන්..මේ ලමයා නිසාවත්..

Oh jin byeon කිව්ව දේවල් සෙහුන්ගේ හිතට වද දුන්නා.. සෙහුන් ඇත්තටම කලබල උනා.. මොකද සෙහුන්ගේ තාත්තා දෙයක් කිව්වොත් ඒ දේ ඇතුලේ තියෙන්නෙ වෙන තේරුමක්.. කියන්න හදන දේ කෙලින්ම නැතුව හින්ට් එකක් විදියට සෙහුන්ගේ තාත්තා කියන්න දන්නවා.. සෙහුන් ඒක හොදට දන්නවා... සෙහුන් තාත්තා ගාව හිටපු ටික කාලෙට ඒක හොදට තේරුම් ගත්තා.. ඒවගේම සෙහුන්ගේ තාත්තා කාටවත් බය මනුස්සයෙකුත් නෙවෙයි... ඒ වගේම තමන් වැඩක් කරද්දි එයාගෙ ඉස්සරහට එන ඕනම කෙනෙක්ව අයින් කරලා දාන්නත් සෙහුන්ගේ තාත්තා දෙපාරක් හිතන්නෙ නෑ... සෙහුන්ට විශ්වාස කරන්න බෑ.. ඇත්තටම පරණ හිටපු තාත්තා වෙනස් වෙලා ඈ කියලා හිතද්දි සෙහුන් බය උනා.. ඒත් සෙහුන් තදින්ම විශ්වාස කලා තාත්තා වෙනස් වෙලා කියලා...

සෙහුන්ට අප්පා කිව්ව දේවල් ගැන කතා කරන්න ඕන උනා...සෝහා ගියාට පස්සෙ සෙහුන් ආපහු ගියේ තාත්තා හිටපු ඔෆිස් රූම් එකට..කලින් වගේ දොරට තට්ටු කරලා වැදගත් විදියට නම් නෙවෙයි... කලබල වෙලා ඉන්න මනුස්සයෙක් වගේ... සෙහුන් එක පාරටම දොර ඇරගෙන ආපු එකට jin byeon ගේ මූනෙ නම් කිසිම පුදුම උන බවක්වත් , ප්‍රශ්නයක්වත් තිබ්බෙ නෑ...

👾" මන් දැන ගත්තා ගිය විදියට ආයෙ එයි කියලා.."

🐥" අප්පා... අප්පා මොනවද ඒ කිව්වෙ..."

සෙහුන් කලබලෙන් ඇහුවත් jin byeon හිනා වෙලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා සෙහුන් ගාවට ආවා...

👾" ඇයි ඔයා කලබල වෙලා...හ්ම්ම්ම් කලබල වෙන්න දෙයක් මන් කියලා නෑ... ඔයා මොකක් හරි හොර වැඩක් කලාද.."

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now