🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Still in love
Chapter 09⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
සමහර මිනිස්සු ඉන්නවා අමතක කරන්න ඕන දේවල් මතක තියාගෙන දුක් විදින අය.. තවත් කොටසක් ඉන්නවා මතක තියාගන්න ඕන දේවල් අමතකම කරලා දාපු..සමහර මතක කොච්චර අමතක කරන්න හැදුවත් ඒවා මතක් වෙනවා.. අමතක කරන්න බැරි විදියට..
සමහරු අතීතෙට වෛර කරනවා.. සමහරු අතීතෙට ආදරේ.. ඒත් අතීතේ ගෙවිලා ඉවරයි.. විනාඩියෙන් විනාඩිය ගෙවෙන්නෙ ඔයාගෙ අනාගතේ තීරණේ කරන්න තියෙන වෙලාවෙන් කොටසක් කියලා සමහරු දන්නෙ නෑ..අතීතේ අඳුර නිසා අනාගත්තෙත් අඳුරු කරගන්න එපා කවදාවත්...හිතන්න ජීවිතේ කියන්නෙ ඔරුවක යන ගමනක්.. ඔරුවක ගමන දුශ්කරයි..පිටතින් බලන් ඉන්න මිනිස්සුන්ට ලස්සන ලස්සන කතන්දර, කවි හදලා කියන්න පුලුවන් ඔරුවක යන එක සුන්දරයි කියලා... ඒත් ඔරුවේ ගිය එක්කෙනා තමයි දුශ්කරකම දන්නෙ.. ජීවිතෙත් එහෙමයි.. අනිත් අයට ඔයාගෙ ජිවීතේ තීරණ ගන්න දෙන්න එපා..එතකොට ජීවිතේ අයිතිකාරයා විදවනවා..තීරකයා සැනසෙනවා✌ අතීතේ අඳුර අමතක කරලා, තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙවන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද නේදා...
ඒත් සමහර දේවල් තියෙනවා අකැමැත්තෙන් උනත් වෙන්නෙ වෙන්න තියනම දේ..ඒක වෙනස් කරන්න බෑ..ඒක අකැමැත්තෙන් උනත් පිලිගන්නම වෙනවා.. සමහරු දුක් විදිනවා.. ඒ තමන්ගෙ හිත නිසාමයි.. කාලය ආපස්සට අරන් ගිහින් ජීවිතේ වැරදුන තැනක් හරි ගස්සන්න කිව්වොත් මොකක්ද කරන්නෙ....
ජීවිතේ වෙනස් කරන්න බැරි ගොඩක් දේවල් කවදාවත් හරි ගස්සන්න බෑ..ඒක දෛවය.. දෛවයට හැමදේම බාරදෙන්නත් එපා..ඒත් ජිවිතේ කියන පහනේ දැල්ල දෛවය... දෛවයෙන් ජීවිතේට ආලෝකයක් එනවා..සමහරුන්ට ඒ ආලෝකය මදි..ඒකට කරන්න දෙයක් නෑ ඉතින්..කොහොම හරි මොන දේකින් හරි ජීවිතේ ආලෝකමත් කර ගන්න කෙනා ජයග්‍රාහකයෙක්..
YOU ARE READING
💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]
FanfictionWhen you hear the dawn awaken This Way, call my name I'll come for you, so wait for me a while,please We don't need anything else in our pockets Let's only bring along our love Let's go on a trip beyond the newborn horizon Nobody, nobody but us No...