𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 25🥀🐥🦄👾💔( finally )

74 17 73
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Still in love
Chapter 25

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

?" නවත්තනවා..."

ජේහ්‍යුන් කියලා ඉවර වෙද්දිම සෙහුන් අත ඉස්සුවේ ජේහ්‍යුන් ට ගහන්න..ඒත් එක්කම ආපු කටහඩක් නිසා සෙහුන් අතත් උස්සන් පිටිපස්ස බැලුවේ කව්ද කියලා බලන්න... layත් පිටිපස්ස බැලුවේ කවුද එච්චර හයියෙන් කෑගැහුවේ කියලා බලන්න... සෙහුනුයි layයි මූණට මූන බලාගත්තේ දොර ගාව හිටපු කෙනා දැකලා...

🐥"අ...අප්පා...😲😲"

සෙහුනුයි layයි ජේහ්‍යුන් ව අතෑරලා පිටිපස්ස හැරුනේ jin byeon ව දැකලා..

👾"ඔය කොල්ලව අතෑරපන් සෙහුන්... ඌ වැඩ කලේ මට ඕන විදියට.... ජේහ්‍යුන් "

Jin byeon ජේහ්‍යුන් ට කතා කලාම ජේහ්‍යුන් jin byeon ගාවට ගියේ තොලෙන් එන ලේ පිහි දදා..

👾" හරි...අපි පටන් ගමු...මොනවද දැන ගන්න ඕන දැන්....හ්ම්ම්ම් මන් කී සැරයක් කිව්වද ... ආහ්හ්හ් කී සැරයක් කිව්වද මගෙ වැඩ නවත්තන්න එන්න එපා කියලා .... මන් උබලා දෙන්නරම කිව්වා නේද..ආහ්හ් කියපන්...."

Jin byeon කෑගැහුවේ සෙහුනුයි layයි ගාවටම ඇවිත්...

👾" හිතුවේ මූ උබලට අහු උනා කියලා..ඌ නෙවෙයි උබලයි අහු උනේ... ඌ එහෙම ලේසියෙන් උබලට අහු වෙන එකෙක් කියලද හිතුවේ.. බලපන් ෆෝන් එක විසික් කලාට උබලා හිතුවේ මට හොයාගන්න බෑ කියලාද.... මොලයක් නැත්තේ උට නෙවේ උබලා දෙන්නට... ඌ නෙවෙයි දැන් උබලා දෙන්න බේරෙන විදියක් කල්පනා කරපන්.."

🐥" අ..අප්පා... මන්.. මන් කියනදේ ටිකක් අහන්නකෝ"

👾" මොනවද..මොනවද.. කියපන්..."

🐥" අප්පා... මන් මමයි කලේ.. අම්මා නිසා...අප්පා"

🦄" අංකල්... "

👾" ශ්හ්හ්හ්හ්හ් උබ කට වහපන්... උබට කතා කරනා බෑ... "

Lay කතා කරන්න හදද්දිම jin byeon , layට ඇගිල්ල දික් කරලා කෑගැහුවා... සෙහුන් layව අතින් ඇදලා පිටිපස්සට කලේ තාත්තට තරහා ගියොත් මොනවා වෙයිද කියලා දන්නෙ නැති නිසා..

🐥" අප්පා..හ්‍යුන් නෙවේ මන්... "

👾" ඇති ඇති මන් මන් ගෑවා..මන් කියන්නම් ... ලොකු ප්ලෑන් එකක්නේ ගැහුවේ මාව නවත්තන්න..හ්ම්ම්ම් තව කී දෙනෙක්ද නේද... උබලා දෙන්නා විතර මෙතන හරියන්නෙ නෑනේ...ඒත් අද උබලා දෙන්න තනි වෙලා... හරි මන්ම කියන්නම්කෝ... වූ මින්... උබලා හිතුවද වූ මින් ගන් එකාටවත් සල්ලිවලට වත් උබලගේ සද්දෙටවත් බලපුලුවන් කාරකම් වලට වත් බය වෙයි කියලා... උබලා දෙන්නා ෆයිල් එක හදලා එද්දි ඒ හැමදේම මන් දැන ගත්තා...මගේ පුතා... අප්පා වගේ වෙන්න බෑ... යූ චන් වෙනුවට වූ මින් ගිය එකට මන් මුකුත් කිව්වෙ නෑනේ නේද...මොකද මන් දන්නවා ඌ මොන වගේ එකෙක්ද කියලා.. ඌ අවුරුදු ගානක් මාත් එක්ක හිටියේ...ඌ ඇහිපිල්ලමක් ගැහුවත් මන් දන්නවා ඌ මොකක්ද කරන්නෙ කියලා... උබලා හිතුවේ මන් විශ්වාස කරයි කියලද... මන් දැනගත්තා එදාම... එදාම මේක කලේ උබ කියලා සෙහුන්... උබ... තනියෙන් නෙවේ... අහු වෙන්නෙ නැති වෙන්න වැඩක් කරන්න බැරි නම් කරන්න එපා... හරි ඒකත් කමක් නෑ ... මගෙ ඩීල් කීයක් අවුල් කලාද... ඩයමන්ඩ් ඩීල් එක...මන් මෙච්චර දවසක් උබලව මරන්නෙ නැතුව තියාගත්ත එකට සතුටු වෙයන්... මන් හිටියේ උබලා දෙන්න ගැනම සැලකිල්ලෙන්..මොකද මන් කැමති නෑ මගෙ උන්ම හින්දා මාව අමාරුවේ දාගන්න... කොටින්ම ඒ මගෙ වයිෆ් උනත් ලමයා උනත්... අම්මට උනෙත් ඕක..මන් කිව්වා මන් කිව්වා එයාටත් කිව්වා... මගෙ වැඩවලට හරස්වෙන්න එපා කියලා.. ඇහුවේ නෑ නේ...  උබටත් කිව්වා නේද... මන් ගොනෙක් කියලා හිතුවද... මන් කිසිම මිනිහෙක්ව ලගට ගන්නෙ නෑ ඌ ගැන නොදැන..lay උබ ගැනත් දැනගෙනම තමයි මන් උබේ අම්මාවයි තාත්තාවයි අතෑරියේ... උබලා කරපු රගපෑමෙම ඉතුරු ටිකම මන් රගපෑවා..මට වඩා උබලා අහු උනා... මාව හොද මිනිහෙක් කරන්න පුලුවන් කියලා හිතුවද...  මගෙ ගෑනිට බැරි උන එක උබලා කරන්නෙ කොහොමද...නෑ කතා කරන්න එපා දෙන්නගෙන් එකෙක්වත්..මන් තාම කියලා ඉවර නෑ... lay උබට මොලයක් තිබ්බෙ නැද්ද.. උබ මන් ගැන හොදටම දන්නවනේ... හ්ම්ම්ම්... මන් දන්න නිසාමයි උබ ඉස්සරහා කිව්වෙ මට හැමදේම දැනගන්න ඕන කියලා... ආදරේ වෙනුවෙන් ජීවිතේ අතාරින්න ලැහැස්ති පුතෙක් මට ඉන්නෙ..කෙල්ල දැක්ක ගමන් වටපිට ඉන්න උනුත් අමතකයි... lay උබ දන්නවා..උබලා දෙන්න so hyun ව හොයන් ගියපු දවසේ සෙහුන් එන්න කලින් මන් ගෙදර ආවේ මිනිහෙක් මරන්න තරම් තරැහෙන්නෙ.. උබ හිතුවේ මන් minව අතෑරියා කියලද... මගෙ තරහා මන් අතෑරියා කියලා...මගේ දේවල් එහෙම ලේසියෙන් අතාරින එකෙක් නෙවෙයි මම....පිස්සු කියලා හිතුවද මට... හරි පුතේ මන් උබ ගැන කියන්නම්කෝ...ඔව් ආපු මුල් දවස්වල මන් හිතුවා මන් වෙනස් වෙනවා කියලා..මගෙ පුතා වෙනුවෙන්... ඒක එක පාරට උබලට ඕන විදියට කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ.. උබලා දන්නෙ නෑනේ...මන් එක ඩීල් එකක් හරි අතෑරියොත් මන් විතරක් නෙවෙයි මගෙ නම ගෑවිලා තියෙන උන් ඔක්කොමව ක්ෂණිකව මරලා දාන්න උන් මගෙ වටේම ඉන්නවා..උබලා දෙන්නා නොදන්න තව කොච්චර දේවල් තියෙනවද... මන් විහින් අමාරුවේ වැටෙන මිනිහෙක් නෙවෙයි සෙහුන්...මට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න පුලුවන් නම් මන් ගැලවෙන්නෙ මගෙ ගෑනි මේකට මැදිහත් උන වෙලාවේ...මන්ම මගෙ ගෑනිව මැරුවේ නැත්තම් ඒක වෙන එකෙක් හරි කරනවා... මගෙ ලමයවත් එක්කම...එකෙක් බේර ගන්න එකෙක්ව අතාරින්න වෙනවා..ඒකෙන් මට දෙන්නවම නැති උනා..ඒත් මන් සතුටු උනා මගේ ලමයා ආපහු මන් ගාවට ආවාම.. සෙහුන් උබ ඇවිත් මගෙ සිස්ටම් ඔක්කොම වෙනස් කරද්දි මන් ගොනෙක් වගේ ඉදි කියලා හිතුවානේ.. මගෙ උන් ඔක්කොම වෙනස් කරද්දි... ඔව් මන් ගොනෙක් වගේ හිටියා උබලට පේන්න..මන් හැමදේම මගෙ සිස්ටම් එකට මට ඕන උන්ව දාලා මගෙ වැඩේ මන් ගානට කලා... ඔව් උබලා එකතු වෙලා මගේ ඩීල් ටික අවුල් කලා..ඒත් මන් මැරුනේ නෑනේ.. එක ඩීල් එකක් හරි මග හැරියනම් මන් මෙතන නෑ යකෝ අද.. yoon giවයි chae sooවයි පාරෙදි හම්බුනාම මාර සතුටු උනා නේද... හදිස්සියේ හරි මන් ඒක දැක්ක එක හොදයි..මන් කී පාරක් කෝල් කලාද..සැක හිතුනේ නැද්ද... වටපිට පලන්න හිතුනේ නැද්ද.. අප්පා ඇයි හදිස්සියේ කතා කරන්නෙ කියලා... කොහෙද කෙල්ලව දැක්කාම වෙන ඒවා මතක නෑනේ..මන් හිටියෙත් එතනම තමයි සෙහුන්.. උබලා තුන් දෙනා දිහාම බලාගෙන.. හැමදේම බලාගෙන තමා මන් කෝල් කලේ... අප්පා මන් මේ එනගමන්... මන් ඉතින් අහු උනා වගේ රගපෑවා විතරයි... මන් මේවා හොයන්නෙ නැතුව ඉදී කියලා හිතුවද... අයියලා මල්ලිලා එකතු වෙලා කරන්න හදන ඒවා මන් හොයන්නෙ ඇතුව ඉන්නෙ කොහොමද.... එදා ඉදන් පැය විසිහතරෙම මගෙ එකෙක් උබලා පස්සෙන් හිටියා...නැත්තත් උබලා යන එන හැමතැනම මගෙ එකෙන් හිටියා... ඉතින් නේද... so hyun කිව්වනේ ඔක්කොම නේද... ඒ ගෑනිව මන් අතෑරලා කරපු මෝඩකම ඒක.. ප්‍රෙග්නට් ගෑනියෙක් නොවුනා නම් අද ඒකි මැරුන තැන්වල ගසුත් පැලවිලා... ඔව් ඊටපස්සෙ ගියානේ නේද මහ ලොකු හදාගත්ත තාත්තව බලන්න නේද... ඔව් ඒ හැම දෙයක්ම මන් දන්නවා.. සහෝදරයෝ ටික එකතු වෙලා මාව නවත්තන්නනේ හැදුවේ... පුලුවන් උනාද....  බෑ..මේ මාව නවත්තන්න බෑ.. උබලට වඩා මන් ඉස්සරහින් හිටියා... උබලා හිතන්න කලින් මන් මට ඕන දේ කලා... අදත් එහෙමයි.. අද උනෙත් ඒක.. මන් පොඩි ලණු කෑල්ලක් පෙන්නුවේ... මගෙ ගොන් පුතා ලණුව ඇදලා අරන්ම ගිල්ලා...මන් දන්නවා මාව නවත්තන්න උබලා මොනවා හරි කරනවා කියලා.. මොනවා උනත් මන් හිතපු විදියටම වැඩේ කලා.. ජේහ්‍යුන් ... මට හම්බ උන හොදම එකා.. ඔව් උබලට සැක හිතෙන්න තමයි මන් ඌව මන් ගාවින්ම තියා ගත්තේ.. ඌ මුකුත් දන්නෙ නෑ.. උබලාගේ හැම විස්තරයක්ම මට දුන්නෙ උබලා පන වගේ විශ්වාස කරපු යුන්ගිම තමයි... (අහෝ යුන්ගි එහෙම නෑ 💔💔)තමන්ගෙම උන් තමන්ටම හතුරු වෙද්දි කොහොමද නේද... උබලා කරපු රගපෑමම මාත් ඌ එක්ක කලා.. හා හා..ඔච්චර තරහා ගන්න එපා... උබලා දෙන්නා මට කලෙත් ඒකනෙ...ඕන මිනිහෙක් විකිනෙන ගානක් තියෙනවා.. ජිවිත විකිනෙන ගානක් තියෙනවා කොල්ලො... ඒ ගාන පැන්නාම ඕනම එකෙක් දෙකට නැවෙනවා...යුන්ගිට උනෙත් ඒක.. නෑ ඒක උගේ වරදක් නෙවේ.. ඒකත් මන්ම කරපු එකක්.. මන් කිව්වෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් පරදුවට තියන්න උන් මහා ගොඩයි..උගේ කෙල්ල මන් ගාව ඉද්දි ඌ මට නොකියපු දෙයක් නෑ..උගේ කෙල්ල බේර ගන්න..දැන් කෝ ඌ... ඇමරිකන් ගිහින් නේද..මාරයි.. එකපාරටම ආපු කෝස් එකක්.. යාලුවත් එක්කම.. හරි පුදුමයිනේ.. ඒකයි මිනිස්සුන්ගේ විදිය... දැන් තේරෙනවා ඇති මන් කියන්නෙ කව්ද කියලා..."

💗STILL IN LOVE 💗||°OSH°|| [COMPLETED ✔️ ]Where stories live. Discover now