After 3 years -:
[ Jimin 7 years old ]🐣 -: අප්පා
ටේ breakfast එක හදන ගමන් ඉද්දි ජන්කුක් හිටියෙ dining tabel එකට වෙලා පත්තරයක් කියවන ගමන්. ඒ වෙලාවෙ තමයි චූටි ජිමින් ජන්කුක්ට කතා කරන ගමන් පහලට ආවෙ.
🐯 -: Good morning මෝචි බබා. මොකෝ මේ උදේම සතුටින් වගේ ආ ??
ටේ එහෙම ඇහුවත් ජිමින් ටේ එතන නොහිටිය ගානට ගිහින් ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් ඉද ගත්තෙ ටේගෙ හිනාවෙන් පිරිලා තිබුණු මූණ මැලවිලා යද්දි.
🐣 -: Happy father's day අප්පා
එහෙම කියලා ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන් ජිමින් එයා හදපු කාඩ් එක ජන්කුක්ට දික් කලේ ගොඩක් සතුටින්.
🐣 -: බලන්නකො අප්පා. මේක මම තනියමමයි ඔයාට හැදුවෙ
🐰 -: ඇත්තමද ?? වාව් චිමී.. ඒක ගොඩක් ලස්සනයි
🐣 -: අප්පා ආසයිද ඒකට ??
🐰 -: ඔව් ගොඩාආආක්. මගෙ චිමී තමයි best. ඒක නෙවෙයි කෝ පපාගෙ කාඩ් එක
🐣 -: ..................
🐰 -: චිම් ??
🐣 -: ඉතින් අප්පා අද father's day එකනෙ. මං මගෙ අප්පට කාඩ් එකක් දුන්නා. වෙන අයට මොකටද දෙන්නෙ ?? මට ඉන්නෙ එක අප්පයිනෙ
🐰 -: ජිමින් ඔයා මේ මොනවද කියවන්නෙ ආ ??
🐣 -: Please අප්පා මට school එකට යන්න පරක්කු වෙනවා. අපි යමුද ??
එහෙම කියලා ටේ වේලාසනම table එක උඩ ලැස්ති කරලා තිබුණු කෑම පෙට්ටිය අතට ගත්තු ජිමින් ජන්කුක්වත් ඇදගෙන එලියට ආවෙ ටේ දිහා එක සැරයක් වත් බලන්නෙ නැතුව.
එලියට ආවමයි ජන්කුක් දැක්කෙ ජිමින් ඇදගෙන ආපු නිසා එයාට කාර් එකේ යතුර ගේන්න අමතක වෙලා කියලා.
🐰 -: ඔහොම ඉන්න චිමී. මං යතුර අරගෙන එන්නං
ඇතුලට ගිහින් යතුර අරන් ආපහු යන්න හදපු ජන්කුක් දැක්කෙ එයා table එක උඩ දාලා ආපු ජිමින් හදපු කාඩ් එක අත ගාන ගමන් ඉකි ගහන ටේව.
🐰 -: ට්..ටේ..
ජන්කුක්ගෙ හඩට ගැස්සුණු ටේ කම්මුල් දිගේ බේරෙන කදුලු ටික ඉක්මනට පිහගෙන හිනා වෙවී ආපහු kitchen එකට දිව්වෙ ජන්කුක් ඉන්න තැන එයාට ඇඩිල්ල පාලනය කර ගන්න බෑ කියලා දන්න නිසාමයි.
ඒත් එක්කම ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් යතුරත් අරන් එලියට ගියේ අවුරුදු තුනක් ගිහිල්ලත් තාමත් මේ වෙන දේවල් තවත්තන්න එයාට කිසිම දෙයක් කරන්න බැරි උන එක ගැන හිතන ගමන්.
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘