• Part 14

768 157 27
                                    

🐰 -: ඔයා දන්නවද මෝචි මමයි ඔයාගෙ පපායි හම්බ උනේ high school යන කාලෙ. ඒ කාලෙ ඔයාගෙ පපා තමයි මුලු collage එකෙන්ම ලස්සනම කෙනා උනේ. කෙල්ලෙක්ටත් වඩා ලස්සනක් එයාට තිබුණෙ. අදටත් ඒක එහෙමමයි.

ඒත් කිසිම collage එකේ කිසිම කෙනෙක් එයා එක්ක කතා කලේ නෑ. එයාට කිසිම යාලුවෙක් හිටියෙ නෑ. හැමෝම එයාගෙ පිටින් පේන ලස්සනෙන් ප්‍රයෝජන ගන්න තමයි බලන් හිටියෙ.

ඒ මොකද කියනවා නම් එයා ඉපදුණු දවසෙ ඉදලා එයාගෙ ඔම්මයි අප්පයි ඉදලා නෑ. ඔයාට වගේ , ඔයාගෙ යාලුවන්ට වගේ දෙමව්පිය ආදරයක් එයාට කවදාවත් ලැබිලා නෑ. අඩුම තරමෙ එයාට නමක් දෙන්නවත් කෙනෙක් ඉදලා නෑ.

එයා පොඩි කාලෙ ඉදන් හැදුනෙ තනියම. School එකේදිවත් එයාට කිසිම යාලුවෙක් ඉදලා නෑ. ඒත් ඔයාගෙ පපා හොදට ඉගෙන ගත්තා. ඊට පස්සෙ එයාට Seoul university එකේ scholarship එකක් ලැබුණා. එහෙම තමයි එයා මගෙ collage එකට ආවෙ.

මට ඕනෙ උනා එයාගෙ යාලුවෙක් වෙන්න. ඒත් මුල් කාලෙ එයා මට බය උනා. එයා හිතුවා මාත් එයාගෙන් ප්‍රයෝජන අරන් එයාව අතාරීවි කියලා. එයා ගොඩක් අහිංසක කෙනෙක්. මට එයාව හම්බ වෙද්දි එයාට depression තිබුණා. පස්සෙ ටික ටික එයා මාත් එක්ක කතා කරන්න ගත්තා. අපි දෙන්නා හොදම යාලුවො උනා.

ඊටත් අවුරුද්දකට පස්සෙ වගේ තමයි අපි දෙන්නා යාලු උනේ. පොඩි කාලෙ ඉදන්ම ආදරයක් ලබලා තිබ්බෙ නැති එයා මගෙ ආදරේට මහ ගොඩක් ලෝබ කලා. මගෙ ඔම්මයි අප්පයි මං නොහිතපු විදිහට ටේට ගොඩක් ආදරේ කරන්න ගත්තා.

ටේ මට ඉස්සර දවස් වාරයක් ස්තූති කරන්න ඇති එයාගෙ ජීවිතේට ආදරේ ගෙනාවට. මං එක්ක ඉන්න ගත්තට පස්සෙ එයාගෙ depression ගොඩක් දුරට හොද උනා. මං එයාව පුලුවන් තරම් සතුටින් තිබ්බා. එයාට කියා ගන්න බැරි තරම් ආදරේ කලා. බෙහෙත් නැතුවම මගෙ ආදරෙන් මං එයාව සනීප කලා. ඊට පස්සෙ මගෙ ඔම්මගෙයි අප්පගෙයි ආශිර්වාදෙන් අපි දෙන්නා marry කලා.

ඊට අවුරුද්දකට පස්සෙ තමයි ටේ pregnant උනේ. අපි දැනගෙන හිටියෙ නෑ ටේට pregnant වෙන්න පුලුවන් කියලා. සතියක් විතර තිස්සෙ එක දිගට වමනෙ යන නිසයි ඇගට අමාරු නිසයි ඩොක්ටව හම්බ වෙන්න ගියාම තමයි අපි දැන ගත්තෙ ඔයා ටේගෙ බණ්ඩිය ඇතුලෙ ඉන්නවා කියලා.

දන්නවද චිමී එදා ඔයාගෙ පපා මේ ලෝකෙ කාටත් වැඩියෙන් සතුටු උනා. ඒ වගේම මමත්..

🐥 -: ඉහිම්..

මෙච්චර වෙලා නිහඩව හිටපු ජිමින්ගෙ කටින් ඉකියක් පිට වෙද්දි හිස් අවකාශෙ දිහා බලාගෙනම ලාවට හිනා උන ජන්කුක් ආයෙත් එයාගෙ කතාව පටන් ගත්තා.



















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now