After 3 years -:
[ Jimin - 17 years old ]🐥 -: අප්පා Mrs. Lee කිව්වා හෙට එද්දි හැමෝගෙම ඔම්මලව එක්කගෙන එන්නයි කියලා
ජිමින් පුටුවකුත් ඇදන් dinner table එකෙන් ඉද ගන්න ගමන් එහෙම කිව්වෙ ටේයි ජන්කුක්නුයි මූණට මූණ බලද්දි.
🐰 -: එහෙමද චිමී.. ම්ම්.. ටේ පොඩ්ඩක් මෙහෙට එන්නකො
එහෙම කියන ගමන් ජිමින්ට කෑම බෙද බෙද හිටපු ටේගෙ අතින් අල්ල ගත්ත ජන්කුක් එයාව table එකෙන් ටිකක් එහාට එක්කන් ගියා.
🐰 -: දැන් මොකද කරන්නෙ ටේ ?? හෙට ඔයාගෙ ඩොක්ටව හම්බ වෙන්න යන්න තියනවනෙ
🐯 -: ඒකට කමක් නෑ කුකී. මාව නෙවෙයි මෝචිගෙ වැඩෙයි වැදගත්. මම ඒකට යන්න ඕනෙනෙ
🐰 -: ඒත් ටේ.. මේ දවස් ටිකේම ඔයාට සැරෙන් සැරේ හුස්ම ගන්න බැරි වෙනවා. මේක පහු කරලා බෑනෙ මැණික
🐯 -: එක දවසක් පරක්කු උනා කියලා මුකුත් වෙන්නෙ නෑ කුකී. බය වෙන්න එපා. මට අනිද්දට ඩොක්ට ගාවට යන්න පුලුවන්නෙ හ්ම්.. ??
ටේගෙ මතේ වෙනස් කරන්න බැරි උන තැන ජන්කුක් අමනාපෙන් උනත් ටේගෙ කැමැත්තට ඉඩ දීලා ආයෙමත් dinner table එකට ආවා. එතකොටත් ජිමින් හිටියෙ කන ගමන්.
🐯 -: මෝචි මම එන්නං හෙට ඔයා එක්ක යන්න. මං ඔයාට යන ගමන් ඔයා කැමතිම ශොප් එකෙන් අයිස්ක්‍රීම් අරන් දෙන්නං. අපි දෙන්නා එන ගමන් ශෝපින් කරන්නත් යමු. කීයටද පැටියො එන්න කිව්වෙ ??
ටේ ගොඩක් ආසාවෙන් කියාගෙන ගියත් ඒ කිසිම දෙයක් ඇහුණෙ නැති ගානට කාලා ඉවර වෙලා ටිෂූ එකෙන් කට වටේ පිහිදාන ගමන් ජිමින් හැරුණෙ ජන්කුක් දිහාවට.
🐥 -: අප්පා Mrs. Lee කිව්වා ඔම්මලා නැති අයට අප්පලව එක්කගෙන එන්න පුලුවන් කියලා
🐰 -: ඒ කිව්වෙ චිමී ??
🐥 -: අප්පට පුලුවන්නෙ මාත් එක්ක හෙට යන්න එන්න ??
🐰 -: ජිමින් මට හෙට වැදගත් මීටින් එකක් තියනවා. අනික පපා එනවනෙ. ඉතින් මං වැඩ පාඩු කරගෙන එන්න ඕනෙ නෑ නේද ??
🐥 -: ඔයාට අමතක උනාද අප්පා මට ඔම්මා කෙනෙක් නෑ කියලා. ඉතින් මාත් එන්න ඕනෙ මගෙ අප්පා මිසක් වෙන අය නෙවේනේ
ටේ දිහා ඇස් කොනින් බලන ගමන් ජිමින් කිව්වෙ රලු හඩකින්.
🐰 -: ජිමින් මං ඔයාට කියලා තියනවා.. ඔයාගෙ ඔම්මා ඔයාගෙ පපා
🐥 -: ඔම්මගෙයි පපාගෙයි වෙනස හොයා ගන්න බැරි වෙන්න මං පොඩි ලමෙක් නෙවේනෙ අප්පා. ඔයටත් බැරි නම් කියන්න මං Mrs. Lee ට කියන්නං මට කවුරුවත්ම නෑ කියලා
🐰 -: JEON JIMIN !!
ජන්කුක් මේසෙටත් ගහගෙන නැගිටින ගමන් මහ හයියෙන් කෑ ගැහුවෙ ජිමින් වගේම ටේවත් බය කරලා.
ජන්කුක්ගෙ අත පාලනයක් නැතුව ජිමින්ගෙ දිහාට ඉස්සුනත් ටේ ඉක්මනින් ඒ අත අල්ල ගත්තෙ ජන්කුක් ටේ දිහාටත් රවලා අත ගසලා දාද්දි.
🐰 -: තවත් මගෙ යකා අවුස්සන්නෙ නැතුව යනවා දැන්මම කාමරේට
ජන්කුක් දත් මිටි කාගෙන කිව්වෙ සන්සුන් වෙන්න උත්සහ කරන ගමන්.
🐯 -: චිමී ඔයාට කාමරේට යන්න. හෙට අප්පා එයි ඔයා එක්ක යන්න ම්ම්.. Good night මැණික
ටේ ලාවට හිනා වෙලා ජිමින්ගෙ ඔලුව අත ගාලා කිව්වත් ඒ අත ගසලා දාපු ජිමින් අඩි හප්ප හප්ප උඩට ගියා.
🐰 -: ම..මං මොකද්ද කරන්න ඕනෙ ටේ ?? මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ. ම..මං කොහොමද මේවා නවත්තන්නෙ ?? මං කොහොමද ජිමින්ට මේවා තේරුම් කරන්නෙ මැණික ??
ජන්කුක්ගෙ ඇස් වලින් පාලනයක් නැතුව කදුලු කඩාගෙන වැටුණා. එයාගෙ කටහඩ වෙව්ලුවා. අවුරුදු පහලවක් තිස්සෙ ජිමින් ටේට රිද්දුවත් ජන්කුක්ට තාමත් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කර ගන්න බැරි උනා.
තවත් පරක්කු නොවී ටේ ඉක්මනටම ජන්කුක්ව තුරුලු කර ගත්තෙ එයාගෙ ඇස් වලින් එලියට එන්න නලියන කදුලු පිට නොකර ඉන්න වගා බලා ගන්න ගමන්.
🐯 -: ශ්ශ්.. හැමදේම හරි යයි ජන්කුකී
.
.
.
.
.🐥 -: මගෙ අප්පා කවුරුවත් හින්දා පලවෙනි පාරට මට අත උස්සන්න ගියා. මං ඔයාට වෛර කරනවා පපා 💔
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘