🐥 -: මං ලෑස්තීඊඊඊ
🐯 -: ඔහ් ඔයා ආවද මෝචි.. එන්න යමු එහෙනං
ජිමින් කෑ ගහගෙන පල්ලෙහාට එනවත් එක්කම ටේත් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ජන්කුක්ගෙ අතත් අල්ලගෙනමයි.
🐥 -: අප්පා ටිකක් ඉන්න
🐰 -: ඇයි ජිමිනි ?? මොකද්ද ප්‍රශ්නෙ ??
🐥 -: මෙයා 👉
ජිමින් කිව්වෙ ටේ දිහාට අතක් දික් කරලා.
🐯 -: අ..අහ් මම ??
🐥 -: ඔව් ඔයා තමයි. ඔයා කොහෙද යන්නෙ ??
🐯 -: ම..මං
🐰 -: කොහෙද යන්නෙ කියලා අහන්නෙ ?? පපාත් අපිත් එක්ක එනවා ජිමින්. එයානෙ මේ gift එක ඔයාට ලෑස්ති කලේ. අනික dinner එකකට යද්දි අපි තුන්දෙනාමනෙ වෙනදටත් යන්නෙ
🐥 -: ඒත් මං කැමති නෑ අද මෙයා එනවට
🐰 -: ජිමින් !! මොකද්ද වෙලා තියෙන්නෙ
🐥 -: වෙනදට අපි ගියේ dinner වලට තමයි. ඒත් අද මගෙ birthday එක. මං කැමති ඒ දවසෙ මගෙ අප්පා එක්ක තනියම ඉන්න. මෙයා ආවම අපිට disturb වෙනවා
🐰 -: ජිමින් ඔයා.....
🐥 -: ඔහ් කමක් නෑ අප්පා. මෙයා එනවා නම් මම එන්නෙ නෑ. ඔයාට ඉතින් මගෙ සතුට වැදගත් නෑනෙ. ටේබල් එක අපරාදෙනෙ ඔය දෙන්නා ගිහින් එන්න
එහෙම කියලා ජිමින් උඩ තට්ටුවට යන්න හැරුණේ ඒත් එක්කම ටේ කතා කරන්න ගත්තා.
🐯 -: ඉන්න මෝචි.. ඔව් ඔයා හරි මටත් ඒක කලින් හිතන්න තිබුණා. මං නිසා අප්පටයි පුතාටයි කාලෙකින් එකට ඉන්න බැරි උනානෙ. අප්පට කියන්න එහෙම ගොඩක් දේවල් ඇතිනෙ නේද.. ඔයා දෙන්නා ගිහින් විනෝද වෙලා එන්න. ඇවිත් මටත් කියන්නකො උන දේවල් හොදද
ටේ ජිමින් වගේම ජන්කුක්ට හිනා වෙන ගමන් එහෙම කිව්වෙ තමන්ගෙ කදුලු ඒ දෙන්නට පෙන්නන්න ඕනෙ උනේ නැති නිසා.
🐰 -: ඒත් ටේටේ.....
🐯 -: ජන්කුකී.. අද ජිමිනිගෙ දවස. එයා වෙනුවෙන් තමයි මං මේ gift එක ලෑස්ති කලේ. මට ඕනෙ එයා සතුටින් ඉන්නවා දකින්න. මං ආවෙ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ඔයටත් එතනට ගිහින් ටිකකින් මාව අමතක වෙයි හුම්
ටේ හුරතල් විදිහට ජන්කුක්ට ඔරවලා එහෙම කියන ගමන් ආයෙත් හිනා වෙවී දැනටමත් දොර ගාවට වෙලා බලාගෙන ඉන්න ජිමින් දිහාවට ජන්කුක්ව තල්ලු කලා.
සැරෙන් සැරේ පිටි පස්ස හැරි හැරි ටේ දිහා බලන ගමන් ජන්කුක් ජිමින් එක්කම කාර් එකට නගින දිහා ටේ බලාගෙන හිටියෙ තවමත් එයාගෙ මූණෙ ලොකු හිනාවක් පේන්න තියෙද්දි.
🐯 -: Have fun !!
ජන්කුක්ගෙ කාර් එක ගේට්ටුවෙන් එලියට දාලා නොපෙනී යද්දි හිනා වෙලා අත වන වන හිටපු ටේ දොරත් වහලා එහෙමම දොරට හේත්තු උනේ මෙච්චර වෙලා ඒ මූණෙ තිබුණු මවා ගත්ත හිනාව නැති වෙලා ඒ දිලිසෙන ඇස් වලින් කදුලු බින්දුව ගානෙ එයාගෙ කම්මුල් තෙත් කරද්දි.
🐯 -: ඇ..ඇයි මගෙ මැණික ?? මගෙ චූටි ම්..මෝචි... ඇ..යි එහෙම ක්..කරන්නෙ රත්තරනේ... ම..මං ඔයාගෙ ප..පපානෙ මැණික...
වටේම කැරකෙන්න අරන් හැම තැනම ටිකෙන් ටික කලු පාට වෙන්න කලින් හුස්ම හිර වෙන තරමට ඉකි ගගහා හිටපු ටේගෙ කටින් අන්තිමට පිට උනේ ඒ වචන ටික.
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘