🐰 -: එයාට කොහොමද ඩොක්ට ?? මොකද වෙලා තියෙන්නෙ ??
ජින් ඇවිත් ටේව චෙක් කරලා බෙහෙත් දීලා එයාගෙ බඩු ටික සූට් කේස් එකට දා ගනිද්දි ජිමින් එක්ක පැත්තකට වෙලා හිටගෙන හිටපු ජන්කුක් එහෙම ඇහුවා.
🐹 -: දැන් නම් එයාට ප්‍රශ්නයක් නෑ. එයාගෙ blood pressure එක වැඩි වෙලා. ඒකයි bleed එකක් වෙලා තියෙන්නෙ. මහන්සි වුණ හින්දා තමයි faint වෙලා තියෙන්නෙ.
ඒත් Mr. Jeon මං ඔයාට පැහැදිලිවම කිව්වා නේද Mr. Taehyung ව මහන්සි කරවන්න එපා ඒ වගේම එයාට දුකක් දෙන්න එපා කියලා. එයා ඉන්න තත්වෙ එක්ක පොඩි දෙයක් උනත් එයාට ගොඩක් බලපාන්න පුලුවන්.
මං මේ දේවල් ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Please මීට වඩා සැලකිලිමත් වෙන්න
ජින් ජන්කුක් , ජිමින් දෙන්නම දිහා බලලා කියද්දි ජන්කුක් අහක බලන් ඇහෙන් එලියට පනින්න දගලන කදුලු බින්දුව පිහ දා ගත්තෙ ජිමින් කිසිම දෙයක් හිතා ගන්න බැරුව බලාගෙන ඉද්දි.
🐰 -: I'm sorry ඩොක්ට
🐹 -: මට sorry කියලා වැඩක් නෑ Mr. Jeon. ඔයා මීට වඩා හොදට එයාව බලා ගන්න
🐰 -: මට තේරෙනවා ඩොක්ට. මං ආපහු මෙහෙම වෙන්න දෙන්නෙ නෑ
🐹 -: Good. එහෙනම් මං ගිහින් එන්නම්. Mr. Taehyung ට තව පැයකින් වගේ සිහිය එයි. මං එයාට injection එකකුත් දුන්නා. ඇහැරුණ ගමන් සුප් එකක් දීලා පස්සෙ කවන්න. මේ බෙහෙත් ටිකත් එක්ක පරණ බෙහෙත් ටිකත් වෙලාවටම දෙන්න
ජින් කිව්වෙ ජන්කුක්ගෙ අතට බෙහෙත් ලියපු කොලේ දෙන ගමන්.
🐰 -: තේරුණා ඩොක්ට. Thank you so much
🐹 -: It's ok Mr. Jeon. මං ගිහින් එන්නම්. උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න
එහෙම කියලා ජින් යද්දි ජන්කුක් නිසොල්මන්ව ඇදේ නිදා ගෙන ඉන්න ටේහියොන්ග් දිහා බලලා ලොකු හුස්මක් හෙලුවා. ඒත් එක්කම එයාට උරහිස උඩින් ස්පර්ශයක් දැණුනා.
🐥 -: අප්පා..
🐰 -: චිමී..
🐥 -: මොකද්ද මේ වෙන්නෙ ?? පපාට මොකද්ද වෙලා තියෙන්නෙ ?? මොකටද බෙහෙත් ?? ඔයාලා මොනාද මගෙන් හංගන්නෙ ?? මට හැමදේම දැන ගන්න ඕනෙ
ඒත් එක්කම ආයෙත් සැරයක් ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් ජිමින්ගෙ අතින් අල්ලගෙන පහලට ගියේ ටේට විවේක ගන්න ඉඩ දීලා.
.
.
.ජිමින් එක්ක පහලට ආපු ජන්කුක් ජිමින්ව සෝෆා එකේ වාඩි කරවලා එයත් ඒ එහා පැත්තෙන් වාඩි උනා. ඊට පස්සෙ ඒ දෙන්නා අතර තිබ්බෙ විනාඩි කීපයක නිශ්ශබ්දතාවයක්.
අත් දෙක එකට එකතු කරන් බිම බලාගෙන කදුලු හංගන්න උත්සහ කරන ජන්කුක්ගෙ අත් ජිමින් එයාගෙ චූටි අත් වලින් අල්ල ගත්තෙ ජන්කුක්ව සන්සුන් කරන්න වගේ.
ඒත් එක්කම ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තු ජන්කුක් මෙච්චර කාලයක් ජිමින්ගෙන් හංගගෙන හිටිපු දේ කියන්න පටන් ගත්තා.
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘