7 years Later -:
🐥 -: ඉතින් මං අවසාන වශයෙන් මෙතන ඉන්න හැම දරුවෙක්ටම කියන්න කැමතියි කවදාවත්ම තමන්ගෙ දෙමව්පියන්ගෙ හිත් රිදවන්න එපා. ඒක ගොඩක් ලොකු පවක්. ඔයාලට මුලු ජීවිත කාලෙම ඒකෙන් ගැලවෙන්න බැරි වෙයි.
තමන්ගෙ දෙමව්පියන් මොන වගේ අය උනත් අමතක කරන්න එපා ඔයා ඉපදුණු දවසෙ ඉදලා ඔයා අද මේ ඉන්න තැනට එන්න එයාලා නැති උනා නම් කවදාවත්ම බෑ කියලා.
ඒ වගේම තමන් ආදරේ කරන අයට ඒ ගැන කියන්න පරක්කු වෙන්න එපා. මොකද ඔයා පරක්කු වෙන තරමට ඒ අය ඔයාලගෙන් ඈත් වෙන්න තියන ඉඩකඩ වැඩියි.
ඉතින් මං මෙතනින් මගෙ දේශනය නවත්තනවා. මං හිතනවා මගෙ කතාවෙන් ඔයාලා ජීවිතේට අලුත් දෙයක් එකතු කර ගන්න ඇති කියලා. හැමෝගෙම ඉදිරි අනාගතය වෙනුවෙන් මම හදවතින්ම සුභ පතනවා
👩💼 -: Thank you so much professor Min
Seoul national university එකේ මනෝ විද්‍යාව පිලිබඳ උපාධිධාරී lecturer කෙනෙක් උන ජිමින් අද එයාගෙ පරණ පාසල උන Busan university එකට ආවෙ ඒ පාසලේ ළමයින්ට දේශනයක් පවත්වන්න කියලා එයාට ලැබුණු ආරාධනාවත් එක්ක.
නිවේදකයාට ආචාර කරලා අත්පුඩි ගසමින් ඉන්න ලමයිට හිනා වෙලා ජිමින් හෝල් එකෙන් එලියට ආවෙ ගෙදර යන්න බලන්.
කාර් එකට නැගපු ජිමින් වට පිට බලන ගමන් ගොඩක් සැහැල්ලුවෙන් drive කලේ එයාලගෙ බූසාන් වල පරණ ගෙදරට. Lecturer කෙනෙක් උනාට පස්සෙ ජිමින් සෝල් වලින් ගෙයක් අරන් පවුලෙ අයත් එක්ක එහෙ පදිංචියට ගියේ මීට අවුරුදු පහකට උඩදි.
එයාගෙ පරණ පාසලෙන් ජිමින්ට ලැබුණු ආරාධනාවත් එක්ක එයා හිතුවා පවුලෙ අයත් එක්ක ආයෙමත් එයාගෙ නගරේ ටික දවසක් නැවතිලා යන්න. ඒ හින්දාමයි එයාලා ඊයෙ බූසාන් ඇවිත් එයාලගෙ පරණ ගෙදර නතර උනේ.
කාලෙකට පස්සෙ තමන්ගෙ පුංචි කාලෙ මතකත් එක්ක සැරිසරණ ගමන් ජිමින් ගෙදරට ලං උනා. කාර් එක පාක් කරලා ගේ ඇතුලට ගිය ජිමින් දැක්කෙ ජන්කුක්නුයි යුන්ගියි සෝෆා එකේ වාඩි වෙලා ටීවී බල බල ඉන්න විදිහ.
🐱 -: ඔහ් බබා.. ඔයා ආවද ?? කොහොමද ගිය වැඩේ
ජිමින් ඇතුලට එනවා දැක්ක යුන්ගි නැගිටලා ගිහින් ජිමින්ව බදා ගන්න ගමන් ඇහුවා.
ඔව්.. මීට අවුරුදු පහකට කලින් ඒ කියන්නෙ එයාලා සෝල් යන්නත් ඉස්සෙල්ලා තමයි ජිමින් යුන්ගි දෙන්නා marry කලේ.
🐥 -: ඒක හොදට කෙරුනා යූන්. ඔයාලා කාලද ඉන්නෙ ?? කෝ ටේටේ ??
ජිමින් වටපිට බලන ගමන් එහෙම අහද්දි උඩ තට්ටුවෙ ඉදන් පුංචි බෝල ගෙඩියක් දුවගෙන ඇවිත් එයාගෙ කකුල් දෙකේ එල්ලුනේ ජිමින්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදෙද්දි.
🐅 -: පපා..
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘