• Part 18

748 150 25
                                    

🐥 -: ඔයා කල්පනා කරන්නෙ මම එක පාරටම ඔයාට ආදරෙන් සලකන්න පටන් ගත්තෙ ඇයි කියලා නේද ??

🐯 -: එ..එහෙම නෙවෙයි පැටියො.. මම මේ..

ටේට වචන පැටලෙද්දි අතේ තිබ්බ සුප් බෝල් එක බෙඩ් ටේබල් එක උඩින් තිබ්බ ජිමින් ටේගෙ අත් දෙක එයාගෙ චූටි අත් වලින් අල්ල ගත්තෙ ටේ තවමත් ඇස් ලොකු කරන් බලාගෙන ඉද්දි.

🐥 -: මට සමාවෙන්න පපා. මං මහ මෝඩ ලමයෙක්. කවුරුවත් කියන දේ අහලා මාව බිහි කරපු , ඉපදුනෙ දවසෙ ඉදලා මට කිසිම අඩුවක් නොකර මාව හදපු , මං මොනවා කලත් එදා වගේම අදටත් අඩුවක් නැතුව ආදරේ දීපු මගෙ පපාව මං රිද්දුවා.. ගොඩක් රිද්දුවා අවුරුදු ගානක් තිස්සෙ.

මට සමාවෙන්න පපා. මං සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ. ඒත් මට සමාවෙන්න. මං දන්නෑ වෙන මොනවා කියන්නද කියලා. පපාට මේ වෙනකං කරපු හැමදේටම මට සමාවෙන්න පපා. I'm sorry..

මට වෙච්ච දේවල් ආපස්සට හරවන්න බෑ. ඒත් මං පොරොන්දු වෙනවා අද ඉදලා මම පපාගෙ හිත කවදාවත් රිදෙන්නෙ නෑ. පපා මාව බලා ගත්තා වගේ අද ඉදලා මං පපාව බලා ගන්නවා. I'm sorry පපා 😭

අන්තිම ටික කියද්දි ජිමින්ට බැරි උනා එයාගෙ කදුලු නතර කර ගන්න. ඒත් එක්කම ටේ ජිමින්ව ගොඩක් තදින් බදා ගත්තෙ අඩන ගමන්. ජිමිනුත් ටේට තුරුල් උනේ එයා කරපු හැමදේටම ගොඩක් පසු තැවෙන ගමන්.

🐯 -: ඒකට කමක් නෑ මගෙ මැණික. පපා තරහ නෑ මගෙ මෝචිත් එක්ක. පපා ඔයාට ගොඩක් ආදරෙයි

🐥 -: මාත් ඔයාට ගොඩක් ආදරෙයි පපා

ඒ වචන ටික ඇහෙනවත් එක්කම ටේට දැණුනෙ මුලු ලෝකෙම නැවතුනා වගේ හැගීමක්. ටේගෙ කන් වලට වෙන කිසිම දෙයක් ඇහෙන්නෙ නැතුව යද්දි ජිමින් කියපු වචන ටික එයාගෙ කන් වල දෝංකාර දෙනවා වගේ දැණුනා.

🐯 -: අ..ආයෙත් කියන්න මෝචි ඒක

🐥 -: මං ඔයාට ගොඩක් ආදරෙයි පපා. ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. I love you so much

ඒත් එක්කම ටේ තව තවත් තදින් ජිමින්ව බදා ගත්තෙ මේ එයාලා බදා ගන්න අන්තිම වතාව වගේ.

🐯 -: ම..මට ටිකක් මෙහෙම ඉ..ඉන්න දෙන්න මැණික

ජිමින්ව තව තවත් තුරුල් කර ගන්න ගමන් ටේ කියද්දි ජිමිනුත් හිනා වෙලා ඔලුව වැනුවෙ ටේගෙ පිට හිමින් සැරේ අතගාන ගමන්.




















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now