7 years Ago -:
ජිමින් උදේම නැගිටලා සුප් එකකුත් හදාගෙන ටේගෙ කාමරේට ගියේ එයාට බෙහෙත් පොවන්න හිතාගෙන. ජිමින් දොරට තට්ටු කරලා ඇතුලට ගියත් ඒ වෙනකොටත් ටේ හිටියෙ හොදටම නිදා ගෙන.
ලාවට හිනා උනා උන ජිමින් එයා ගෙනාපු සුප් එකයි බෙහෙත් ටිකයි බෙඩ් ටේබල් එක උඩින් තියලා ජනෙල්ලෙ ලගට ගියේ කර්ට්න්ස් ටික අරින්න කියලා හිතාගෙන.
🐥 -: පපා.. දැන් නැගිටින්න. බෙහෙත් බීලා ඉමු
ජිමින් කතා කලත් ටේගෙ කිසිම ප්රතිචාරයක් තිබුණෙ නෑ.
🐥 -: පපා.. බෙහෙත් බීලා ආපහු නිදා ගන්න පුලුවන්නෙ. දැන් නැගිටින්නකො. බෙහෙත් බිව්වෙ නැත්තං අමාරුව තව වැඩි වෙයි
එහෙම කියපු ජිමින් කරන්ට්ස් ටික ඇරලා බාත් ටබ් එකට උණු වතුරත් පිරෙන්න දාලා ආපහු ආවත් ඒ වෙද්දිත් ටේගෙ හෙලවීමක්වත් තිබ්බෙ නෑ.
ඒ නිසාම ටේට අමාරු ඇති කියලා හිතපු ජිමින් ටේගෙ ලගින් වාඩි වෙලා එයාගෙ ඔලුව ටිකක් වෙලා අතගාලා අතින් අල්ල ගත්තෙ ටේව නැගිට්ටවන්න හිතන්.
අල්ල ගත්ත සැනින්ම ජිමින්ගෙ අතින් ටේගෙ අත අතෑරුනේ ඒක ඒ තරම් සීතල වෙලා තිබුණ නිසා. කලබලෙන් ටේගෙ ඇග හැමතැනම අල්ලලා බලපු ජිමින්ට දැණුනෙ ටේගෙ ඇගේ හැම තැනක්ම එක වගේම සීතල වෙලා කියලයි.
🐥 -: අප්පා.. අප්පා.. අනේ ඉක්මනට එන්නකො. අප්පා.. 😭
එක පාරට කිසිම දෙයක් හිතා ගන්න බැරි උන ජිමින් අඩ අඩම ජන්කුක්ගෙ නම කියලා කෑ ගැහුවෙ ජන්කුක්නුත් බය වෙලා දුවගෙන එද්දි.
🐰 -: ජිමිනි.. මොකද උනේ ?? ඇයි මේ කෑ ගහන්නෙ ??
🐥 -: අනේ අප්පා බලන්නකො පපා නැගිටින්නෙ නෑනෙ
ජිමින් කියපු දේත් එක්ක මුකුත් හිතා ගන්න බැරි උන ජන්කුක් ටේ ලගට ගිහින් එයාව හොලවන්න ගත්තත් ජන්කුක්ටත් දැණුනෙ ජිමින්ට දැණුනා වගේම සීතලක් විතරයි.
🐥 -: අනේ අප්පා.. පපාට මොකද වෙලා තියෙන්නෙ ?? එයාව හුගක් සීතල වෙලානෙ
🐰 -: මං දන්නෙ නෑ මෝචි. එයාට උණ හැදිලද දන්නෙ නෑ. බලන් ඉදලා බෑ අපි ඉක්මනට හොස්පිට්ල් යමු
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘