• Part 4

824 162 33
                                    

After 7 years -:
[ Jimin - 14 years old ]

🐣 -: යුන්ගියා , හොබී එන්න ඇතුලට

🐱 , 🦄 -: Thank you ජිමින්

මීට දවස් තුනකට කලින් ජිමින්ට එයාගෙ college එකෙන් group work එකක් ලැබිලා තිබුණා. ජිමින්ට group members ලා විදිහ හම්බවෙලා තිබුණෙ එයාගෙ හොදම යාලුවා හොබී වගේම එයාගෙ crush එක සුගා.

කලින් දවස් දෙකේ යුන්ගිගෙයි හොබීගෙයි ගෙවල් වල ඉදලා project එක කරපු නිසා අද එයාලට වැඩ කරන්න තිබ්බෙ ජිමින්ගෙ ගෙදර.

ඇතුලට යනකොටම වගේ එයාලා දැක්කෙ ගේ මොප් කර කර හිටපු ටේව.

🐯 -: ඔහ් හායි.. ඔයාලා අපේ මෝචිගෙ යාලුවොද ??

🦄 -: ඔව් අංකල්. මම හෝසොක්. එතකොට මේ ඉන්නෙ යුන්ගි

🐯 -: අහ්.. මම ටේහියොන්ග්. ජිමින්ගෙ ප.....

🐣 -: ඔහ් මෙයා මෙහෙ ඉන්න මේඩ් කෙනෙක්

ටේ කියන්න ගිය දේ කියන්න නොදී ජිමින් මැද්දට පැනලා කිව්ව දෙයින් ටේගෙ ලස්සන හිනාව නැති වෙලා ගියත් එයා ආයෙමත් බොරු හිනාවක් මවා ගත්තෙ ඔලුව වනන ගමන්.

🐣 -: අපි උඩට යනවා. කන්න මොනා හරි එවන්න

එහෙම කියන ගමන් ජිමින් හොබීවයි සුගාවයි ඇදගෙන ගියේ ටේ ලොකු හුස්මක් පිට කරලා කුස්සියට යනකොට.

After 15 Minutes -: At Jimin's room

~ Knock knock ~

🐣 -: එන්න

ජිමින් එන්න කිව්වම ටේ ඇතුලට ආවෙ එක එක ජාතියෙ කෑම බීම පිරිච්ච tray වගයක් උස්සගෙන.

🐯 -: මෙන්න පුතාලා. වැඩ කරන ගමන් ඇති වෙනකං කන්න. තව මොනාහරි ඕනෙ උනොත් මගෙන් ඉල්ලන්න හරිද

🐱 , 🦄 -: Thank you අංකල්

ටේ හිනා වෙලා කෑම ටික ටේබල් එක උඩින් තියලා ජිමින්ගෙ ඇද උඩින් වාඩි උනේ එයාලා වැඩ කරන දිහා ටික වෙලාවක් බලන් ඉන්න හිතාගෙන.

🐣 -: මොනවද බලන් ඉන්නෙ ??

🐯 -: අ..අහ් ??

🐣 -: කෑම ටික දුන්නනෙ දැන් යන්න. තවත් මෙතන මොනවද බලන් ඉන්නෙ

🐯 -: න්..නෑ මෝචි මං ටිකක් ඔයාලා වැඩ කරන විදිහ බලාගෙන හිටියෙ. කමක් නෑ මං නිසා ඔයාලට disturb වෙනවනෙ. මං යන්නං. මොනවහරි ඕනෙ නං මට කතා කරන්නකො

එහෙම කියලා තුන් දෙනාම දිහා බලලා ලස්සනට හිනා උන ටේ දොරත් වහගෙන එලියට ගියා.

🦄 -: එයා හරි හොදයි ජිමින්. ඇයි ඔයා එයාට නපුරු විදිහට කතා කරන්නෙ

🐱 -: ඒක තමයි. ඔය වගේ හොද මේඩ්ලා අද කාලෙ හොයා ගන්නත් අමාරුයි. එයා ඔයාට ගොඩක් ආදරෙයි වගේ

🐣 -: Oh please.. මේඩ්ලා ඉන්න ඕනෙ මේඩ්ලා විදිහට. නැතුව දෙමව්පියො වෙන්න එන්න ඕනෙ නෑ

ජිමින් තරහෙන් මූණ ගැසුවෙ අනිත් දෙන්නා මූණට මූණ බලලා ඔලුව දෙපැත්තට වනද්දි.











•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now