• Part 9

734 155 19
                                    

🐯 -: අ..අහ් ??

මෙච්චර වෙලා කදුලු නවත්ත ගන්න අසාර්ථක උත්සාහයක යෙදිලා හිටපු ටේහියොන්ග් පුදුම උනේ ජිමින් එයාගෙ දිහාවට අත දික් කරද්දි.

🐥 -: ඇයි මොකද මට තෑග්ගක් ගත්තෙ නැද්ද ??

🐯 -: අ..අහ් තෑග්ග.. ඔව්නෙ.. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවනෙ. යමු ජිමිනි ඉක්මනට ලෑස්ති වෙලා එන්න

මෙච්චර වෙලා දුකෙන් හිටපු ටේහියොන්ගෙ මූණ එලිය උනේ ජිමින් තෑග්ග ගැන මතක් කරද්දි. ටේහියොන්ග් අද බුක් කරපු restaurant එක ජිමින්ගෙ ආසම restaurant එකක්. එතන කෑම ගොඩක් රසයි වගේම හොද staff එකකුත් හිටියා.

තුන් දෙනා එතනට දෙතුන් වතාවක් වගේ ගිහින් තිබුණත් ජිමින්ගෙ ආසම තැන උනේ ඒක. ඉතින් ටේහියොන්ග් හිතුවා ජිමින් එයාගෙ මේ තෑග්ගට අනිවාරෙන් කැමති වෙයි කියලා.

🐥 -: ලෑස්ති වෙන්න ?? ඒ මොකටද ??

🐯 -: ඒක surprise එකක් පැටියො. ඔයා ගිහින් ලෑස්ති වෙලා එන්නකො

🐥 -: බැහැ ඉස්සෙල්ලම මොකටද කියලා ඉන්න. කවුද දන්නෙ අප්පාවත් ගෙදර දාලා ගිහින් මාව කොහෙ එක්කන් යයිද කියලා

🐰 -: ජිමින් !!

🐥 -: 😑

ටේහියොන්ග්ට ඒ කතාවට කොච්චර හිත රිදුණත් එයා ඒක පිටට පෙන්නන්නෙ නැතුව හිනා වේගෙනම හිටියා.

🐯 -: හරි මැණික අහන්නකො.. මං ඔයා කැමතිම restaurant එකෙන් අපිට ටේබල් එකක් බුක් කලා. ඔයා කැමති නේද ??

🐥 -: වොහ් චින්චා ??

🐯 -: ඔව් පැටියො. ඔයා ගිහින් ඉක්මනට ලෑස්ති වෙලා එන්නකො. ඊට පස්සෙ අපි යමු හරිද

ඒත් එක්කම ජිමින් උඩ පැන පැන එයාගෙ කාමරේට දිව්වෙ ගොඩක් සතුටින්.

ඔව්.. එයා ටේ එක්ක තරහයි තමයි. නමුත් එයා කොහොමද එයාගෙ කැමතිම restaurant එකට යන්න තියන අවස්ථාව මග ඇර ගන්නෙ ??

ජිමින් උඩට යන දිහා දුකත් , තරහත් මිශ්‍ර උන හිස් බැල්මකින් බලාගෙන හිටපු ජන්කුක් ඊට පස්සෙ හැරුණෙ ටේ දිහාවට. ඒත් ටේ කලින් තිබ්බ හිනාව ඒ විදිහටම මූණෙ තියාගෙන ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක්ගෙ පපුව පිච්චෙනවා වගේ හැගීමක් දැණුනා.

🐯 -: දැක්කද ජන්කුකී එයා ගොඩක් සතුටෙන් හිටියෙ. එයා මගෙ තෑග්ගට කැමති නේද ?? මට ගොඩක් සතුටුයි කුකී

ටේ තව තවත් හිනා වෙන ගමන් කිව්වම ජන්කුක් ගිහින් ටේව තද කරලා බදා ගත්තෙ එයාගෙ ඇහෙන් ගලාගෙන ගිය කදුල ටේට නොපෙනෙන්න පිහ දා ගන්න ගමන්.

🐰 -: ඔයා කොහොමද මැණික ඔච්චර ශක්තිමත් උනේ ?? කොහොමද ඔහොම දරා ගන්නෙ ?? මෙච්චර දේවල් වෙද්දිත් ඔය ලස්සන හිනාව ඒ විදිහටම තියාගෙන ඉන්නෙ ?? කියන්න පන..

ජන්කුක් බිදුණු කටහඩකින් එහෙම කියද්දි ටේ ජන්කුක්ගෙ පිට අත ගාන ගමන් ලාවට හිනා උනා.

🐯 -: ඔව් මං ගොඩක් ශක්තිමත්.. මොකද මගෙ කුකී මං ලග ඉන්න නිසා. ජිමිනිගෙ ඔය ගති තව ටික කාලෙකින් ඇරිලා යාවි. මට ඒවා පුරුදුයි කුකී. ඔයා හිතන්න එපා හරිද

ඒත්..

ඇත්තටම ටේහියොන්ග්ට ඒ දේවල් පුරුදුද ??

නැහැ..

ටේහියොන්ග්ට ඒක පුරුදු නෑ..

ජිමින්ගෙන් කොච්චර හිතට පිහි වලින් අනිනවා වගේ කතා ඇහුවත් තාමත් ටේ ඒකට පුරුදු වෙලා නෑ..

කවදාවත් පුරුදු වෙන්නත් බැරි වෙයි..

කාටද පුලුවන් තමන්ගෙම ලෙයින් හැදුන දරුවා තමන්ට එහෙම කතා කරද්දි ඒකට පුරුදු වෙන්න ??


















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now