• Part 11

761 154 29
                                    

At Restaurant -:

🐥 -: අප්පා

🐰 -: ..........

🐥 -: අප්පා

🐰 -: ..........

🐥 -: යා අප්පා.. මොන ලෝකෙද අනේ ඉන්නෙ ??

🐰 -: අ..අහ් චිමී.. මොනාද ඔයා කිය කිය හිටියෙ ??

🐥 -: මං මුකුත් කිව්වෙ නෑ. මොනාද අප්පා ඔයා කල්පනා කරන්නෙ ?? ඔය කෑම එක අත ගගා ඉන්නෙ නැතුව කන්න

🐰 -: ඔහ් හරි හරි

ජිමින් එක්ක ටේ බුක් කරලා තිබුණ restaurant එකට ආපු ජන්කුක් ජිමින්ට එයාගෙ කැමතිම කෑම වර්ග අරන් දීලා ජන්කුක්නුත් pasta එකක් ගත්තෙ මුකුත් නොකා බැරි කමට. ටේව අර විදිහට තනියම ගෙදර දාලා ඇවිත් ජන්කුක්ට කන්න හිතුනෙ නෑ.

ජිමින් නම් ගොඩක් ආසාවෙන් එයා කැමතිම කෑම වල රස බැලුවා. රෑ දහය විතර වෙද්දි dinner අරන් ඉවර උන ජිමිනුත් ජන්කුක්නුයි ජිමින්ගෙ ඉල්ලීම නිසාම ලගම තිබුණු පාක් එකට ගිහින් ටිකක් වෙලා කතා කර කර හිටියා.

ඊටත් පස්සෙ රෑ එකොලහට කිට්ටු වෙලා තමයි දෙන්නා එක්ක ගෙදර යන්න පිටත් උනේ. ජිමින් නම් හිටියෙ ගොඩක් සතුටින් එයාගෙ අප්පා එක්ක කාලෙ ගත කරන්න ලැබුණ එකට.

ජන්කුක්ට උනත් තප්පරේකට ටේව අමතක වෙලා ගියේ ගොඩ කාලෙකින් ජිමින් එක්ක මේ විදිහට ඉන්න ලැබුණ නිසා. ආපහු එන ගමනේත් දෙන්නා එක්ක අයිස්ක්‍රීමුත් කකා ගෙදර ආවෙ ගොඩක් සතුටින්.

🐥 -: අප්පා 👉👈

🐰 -: මොකෝ මේ ඇඹරෙන්නෙ චිමී ම්ම් ??

🐥 -: අද මගෙ යාලුවො මට surprise එකක් ලෑස්ති කරලා තිබ්බනෙ

🐰 -: ඔව් ඉතින් ??

🐥 -: ඉතින් එතනදි යුන්ගි මගෙන් එයාගෙ boyfriend වෙන්න කැමතිද ඇහුවා 👉👈

🐰 -: යුන්ගි කියන්නෙ අර හොබී එක්ක නිතරම අපේ ගෙදර එන ලමයා නේද ??

🐥 -: ඔව් අප්පා. මං ඔයාට කිව්වෙ මං කෙනෙක්ට කැමති කියලා. යුන්ගි තමයි ඒ

🐰 -: අහ්.. ඉතින් ඔයා මොකද කිව්වෙ

🐥 -: ම්..මාත් කැමති කිව්වා ඉතින් 👉👈 අප්පට ප්‍රශ්නයක් නෑනෙ ඒ ගැන

🐰 -: මට ප්‍රශ්නයක් නෑ චිමී.. ඔයාගෙ ජීවිතේ හරි වැරැද්ද තෝර ගන්න ඕනෙ ඔයා. අනික යුන්ගි හොද ලමයෙක්. ඉතින් මගෙ අකමැත්තක් නෑ

🐥 -: මේ අප්පා..

🐰 -: ම්ම් ??

🐥 -: ඔයා පපාගෙ මොනවටද ආස උනේ ??

🐰 -: හහ්හහ්හා

ජිමින් අහද්දි ජන්කුක් ටිකක් හයියෙන් හිනා උනා.

🐥 -: මොකද අනේ හිනා වෙන්නෙ ??

🐰 -: ඔයාට අහන්න තිබ්බෙ මං පපාගෙ මොනවටද ආස නොවුනෙ කියලා මෝචි. ඔයාගෙ පපා තමයි මං මේ ලෝකෙ දැකපු අහිංසකම ආදරණීයම කෙනා. එයා වගේ හොද සැමියෙක් , හොද තාත්තෙක් මේ ලෝකෙ කොහෙවත්ම නෑ

🐥 -: ..........

🐰 -: මං දන්නෑ මෝචි ඔයා ඇයි පපාට ඔය තරම් වෛර කරන්නෙ කියලා. අපි ඔයා පොඩි කාලෙ ඉදන්ම බලන් හිටියා ඔයා අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා. ඒත් නැහැ.. මං දන්නෑ ඔයාගෙ ටේගෙ ආදරේ කවදා තේරුම් ගනීද කියලා

🐥 -: අප්පා please ඕක නවත්තන්න. මට තවත් අහන්න ඕනෙ නෑ

🐰 -: හරි හරි. දැන් ගොඩක් රෑ වෙලා. පපා අපි එනකං බලාගෙන ඇති. ඕක ඉක්මනට කාලා එන්නකො. මං වාහනේට වෙලා ඉන්නම්

















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now