🐰 -: මෙන්න චිමී ඔයාගෙ අයිස්ක්‍රීම් එක. ඔයා ඕකත් අරන් ඇතුලට යන්නකො. දැන් ගොඩක් රෑ වෙලා නිසා පපා නිදි ඇති. ඕක fridge එකට දාලා ඔයත් දැන් නිදා ගන්න ම්ම්.. මං වාහනේ පාක් කරලා දොර වහලා එන්නං
🐥 -: හරි අප්පා
එහෙම කියපු ජිමින් මගදි බලෙන්ම ජන්කුක්ට කියලා අර ගත්තු එයාගෙ favourite ම අයිස්ක්‍රීම් බොක්ස් එකත් වන වන ගේ ඇතුලට ගියේ ජන්කුක් වාහනේ පාක් කරන්න යද්දි.
.
.
.
.
.🐥 -: මොකද අනේ මේ සාලෙ ලයිට් දාලා නැත්තෙ.. සැරසිලි වලට දාපු බල්බ් තාම පත්තු වෙනවා. අරයා මේවා අස් කරලා වත් නෙවේද නිදාගෙන තියෙන්නෙ
එහෙම කිය කිය ජිමින් අත පත ගගා සාලෙ ලයිට් එක තියන දිහාවට ඇවිදන් ගියා.
🐥 -: ඔහ් ශිට්.. තව පොඩ්ඩෙන් වැටෙනවා. පාර මැද මොනවා තියලද මන්දා
කලුවරේම ඇවිදිද්දි ජිමින්ගෙ කකුල මොකක් හරි දෙයක පැටලිලා එයාව වැටෙන්න ගියා. ඒකටත් බැන බැන කොහොමහරි ස්විච් එක හොයා ගත්ත ජිමින් එක ඔන් කලා.
වටපිට බලපු ජිමින් දැක්කෙ එයාලා ගෙදරින් යද්දි තිබුණ විදිහටම මේසෙ උඩ කපපු කේක් එකත් සැරසිලිත් තවම තියනවා. ඒත් එක්කම කකුල හැප්පුනේ මොකේද බලන්න අනිත් පැත්ත හැරුණ ජිමින් දැක්ක දේ නිසා එයාගෙ අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක බිම වැටුණෙ එයාටත් නොදැනිමයි.
🐥 -: ද්..දෙයියනේ පපා !!!
ජිමින්ට කෑ ගැහුණා..
සෝෆා එකට එහායින් කලන්තෙ දාලා බිම වැටිලා හිටියෙ ටේහියොන්ග්. එයාගෙ නහයෙන් ආපු ලේ දැන් ගල් වෙලා උනත් ඒ පාර තවමත් තිබුණා.
ඔව්.. ජිමින් වැටෙන්න ගියේ ටේහියොන්ගෙ ඇගේ පැටලිලා.
ඒත් එක්කම ටේහියොන්ග් ලගට ගිහින් බිම දණ ගහ ගත්ත ජිමින් එයාව හොල්ලන්න ගත්තා.
🐥 -: පපා.. පපා කතා කරන්න. පපා මොකද්ද උනේ ?? ඇයි මේ ??
ජිමින් බය වෙලා ටේහියොන්ගෙ කම්මුල් වලට තට්ටු කරද්දි කාර් එක පාක් කරල් එන ගමන් හිටපු ජන්කුක් දුවගෙන ආවෙ ජිමින්ගෙ කෑ ගැහිල්ල ඇහුණු නිසා.
🐰 -: චිමී.. කොහෙද ඔයා ?? ඇයි කෑ ගැහුවෙ ??
🐥 -: අප්පා මං මෙතන. පපාට මොකද්ද වෙලා
ජිමින් එහෙම කියනවත් එක්කම එතනට දුවගෙන ආපු ජන්කුක් දැක්කෙ ටේ බිම වැටිලා ඉන්නවා.
🐰 -: ටේ ?? මැණික.. මොකද්ද මේ උනේ ?? අනේ මගෙ පන කතා කරන්නකො
ජන්කුක්නුත් ටේගෙ මුණට තට්ටු කරන්න ගත්තෙ එයාගෙ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටෙද්දි.
🐰 -: ඇයි මේ චිමී ?? පපාට මොකද්ද උනේ ?? මේ..මේ.. නහයෙන් ලේත් ඇවිත්
🐥 -: මං දන්නෙ නෑ අප්පා. මං එද්දි සාලෙ ලයිට් දාලා තිබ්බෙ නෑ. මං ස්විච් එක හොය හොය යද්දි මොකද්ද කකුලෙ පැටලිලා මාව වැටෙන්න ගියා. කොහොමහරි ලයිට් එක දාගෙන බලද්දි තමයි දැක්කෙ පපා මෙතන වැටිලා ඉන්නවා
🐰 -: ඔහ් ශිට්.. චිමී මගෙ phone එකේ ඇති Dr. Seokjin ගෙ නම්බර් එක. ඒකට කෝල් කරලා දැන්මම අපේ ගෙදරට එන්න කියන්න. මං පපාව උඩට ගෙනියන්නම්
🐥 -: හරි අප්පා
ඒත් එක්කම ජන්කුක් ටේව වඩාගෙන එයාලගෙ කාමරේට යද්දි ජිමින් ජන්කුක්ගෙ phone එකෙන් Dr. Jin ට කතා කරලා පුලුවන් ඉක්මනට එයාලගෙ ගෙදරට එන්න කියලා කිව්වා.
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘