• Part 19

751 159 59
                                    

🐥 -: පපා අපි දැන් මේ සුප් එක බීලා ඉමුද ??

ජිමින් එයාව බදාගෙන ඉන්න ටේගෙ පිට අතගාන ගමන් ඇහුවත් ටේගෙන් උත්තරයක් ලැබුණෙ නැති තැන ජිමින් ආයෙත් සැරයක් කතා කලා.

🐥 -: පපා.. පපා..

ඒ උනත් ටේගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ. ඒ නිසා ටේව ටිකක් ඈත් කරද්දි ජිමින් දැක්කෙ ටේට හොදටම නින්ද ගිහින් බව.

🐰 -: ජිමිනි

ටේව තුරුල් කරගෙනම පිටි පස්ස බලද්දි ජිමින්  දැක්කෙ ජන්කුක් දොර ලග ඉදන් හිනා වෙලා ඒ දෙන්නා දිහා බලන් ඉන්න විදිහ.

ජිමිනුත් ජන්කුක් එක්ක හිනා වෙද්දි ජන්කුක් හෙමින් හෙමින් ඇවිත් ඒ දෙන්නගෙ එහා පැත්තෙන් ඉදගන්න ගමන් ජිමින්ට තුරුල් වෙලා සනීපෙට නිදාගෙන ඉන්න ටේගෙ ඔලුව අත ගෑවා.

🐰 -: ඔයා දැන් හරි වෙනස් උන එක ගැන මට සතුටුයි ජිමිනි. ඔයාගෙ පපා ගොඩක් පව්. ආයෙත් එයාට එහෙම කරන්න එපා. එයාට තවත් දරාගන්න ශක්තියක් නෑ

🐥 -: මට දැන් තේරෙනවා අප්පා. මං ආයෙ එහෙම කරන්නෙ නෑ. අප්පා බලන්නකො මං පපාව හොදට බලා ගන්නවා

ජිමින් වැඩ්ඩා වගේ කියද්දි ජන්කුක් හිනා වෙන ගමන් එයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවා.

🐰 -: හරි හරි ඉතින් කියන්නකො පපා සුප් එක බිව්වද ??

🐥 -: නෑ අප්පා. මාව බදාගෙනම එයාට නින්ද ගිහින්.

🐰 -: එහෙනම් එයාට නිදා ගන්න දෙමු. නැගිට්ටම සුප් එක පොවන්න පුලුවන් නෙ. මහන්සි ඇති එයාට

🐥 -: අප්පා එහෙනම් පපාව ඇල කරන්නකො මෙතනින්

ඊට පස්සෙ ජන්කුක් ජිමින්ගෙ තුරුලෙ හිටපු ටේව ඇහැරෙන්නෙ නැති විදිහට පරිස්සමට හාන්සි කරලා ඩුවට් එක පෙරෙව්වෙ එයාගෙ කම්මුලකුත් පරිස්සමට අතගාලා.

🐥 -: මට සමාවෙන්න පපා. මං අද ඉදන් ඔයාව හොදට බලා ගන්නම්. දැන් ටිකක් නිදා ගන්න එහෙනම්. ඔයාට ඇහැරුණාම මමම ඇවිත් සුප් එක පොවලා බෙහෙත් දෙන්නම්

එහෙම කියලා ලාවට හිනා උන ජිමින් ටේගෙ නලලට හාදුවකුත් දීලා ජන්කුක් එක්කම කාමරේ දොරත් වහන් එලියට ගියේ ටේට විවේක ගන්න ඉඩ දීලා.

ඒත් එවලෙ ජන්කුක්ට හරි ජිමින්ට දැණුනා නම් ටේගෙ ඇග වෙනදා වගේ උණුසුම් නෑ කියලා... ??

















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now