• Part 7

733 150 27
                                    

🐥 -: අප්පා.. අප්පා..

හවස basketball practice වලට හිටපු ජිමින් ගෙදර එනකොට ටිකක් කරුවල වැටිලා තිබ්බෙ උපන්දිනේ නිසා යාලුවො එකතු එයාට චූටි පාටියක් ලෑස්ති කරලා තිබුණ නිසා.

ජිමින්ට යාලුවන්ගෙන් තෑගි ගොඩක් ලැබුණා වගේම විශේෂ කෙනෙක්ගෙන් විශේෂ තෑග්ගකුත් හම්බුණා. ජිමින්ගෙ birthday එකට ලෑස්ති කරපු ඒ චූටි පාටියෙ මුලිකත්වය අරන් තිබුණෙ ජිමින්ගෙ crush එක සුගා.

පාටි එක අවසානයේ ජිමින්වත් පුදුම කරමින් සුගා රෝස මලකුත් අතේ තියන් බිම දණ ගත්තෙ එයා ජිමින්ට ආදරෙයි කියන ගමන්.

ඉතින් අන්තිමේදි එයාගෙ birthday එක දවසෙම සුගා ජිමින්ගෙ boyfriend උනේ මේක ජිමින්ගෙ හොදම birthday එක විදිහට එයාගෙ මතකයේ රැදෙද්දි.

ඒත් ජිමින් එවලෙ හිතුවා නම්.. එයාගෙ අප්පයි පපායිත් එයාලා වගේම පිරිමි දෙන්නෙක් නේද කියලා ??

ඔක්කොම ඉවර වෙලා ගොඩක් සතුටින් ජිමින් ගෙදර ආවෙ එයාගෙ අප්පට මේ සතුටු ආරංචිය කියන්න ඉවසිල්ලක් නැතුව. ඒත් එයා ගේ ඇතුලට එද්දි ගෙදර කිසිම ලයිට් එකක්වත් එලියක් වත් තිබ්බෙ නෑ.

පුරුද්දට බඩු අත ගගා සාලෙට ආපු ජිමින්ව ටිකක් ගැස්සුනේ එක පාරට ලයිට් ඔන් කරන ගමන් ජන්කුක්නුයි ටේහියොන්ග්නුයි හැංගිලා හිටපු තැනින් එලියට එද්දි.

🐯,🐰 -: Surprise !!!

🐥 -: වොහ්

ඒත් එක්කම හරි සිහියට ආපු ජිමින් වට පිට බලද්දි දැක්කෙ මුලු ගෙදරම එයා කැමතිම පාට වලින් ලස්සනට සරසලා තියනවා. ජිමින් හිනා වෙවී ගොඩක්  සතුටින් හැමදේම දිහා බලද්දි ටේට ලොකු සතුටක් දැනුනා.

🐯 -: ඔයා කැමතිද පැටියො ??

ටේ ජිමින් ගාවට ලං වෙමින් ඇහුවත් ටේව මගෑරපු ජිමින් එහෙමම ගිහින් එහා පැත්තෙ හිටපු ජන්කුක්ව තද කරලා බදා ගත්තා.

🐥 -: වාව් අප්පා.. ඔයාද මේ හැමදේම ලෑස්ති කලේ ?? මේ ඔක්කොම මගෙ favourite. Thank you අප්පා. I love you so much. You are the best

🐰 -: ඒ..ඒත් චිමී මම..

ජන්කුක් හැදුවෙ මේ කිසිම දෙයක් කලේ තමන් නෙවෙයි ටේ කියලා කියන්නයි. ඒත් එයාට ඒක කියන්න බැරි උනේ ටේ එයාගෙ අතින් අල්ලලා ඔලුව දෙපැත්තට වනන ගමන් එපා කියලා සන් කරපු නිසා. ටේච ඕනෙ උනේ නෑ අද වගේ දවසකත් එයා නිසා ජිමින්ගෙ මූඩ් අවුල් යනවා බලන්න.

🐯 -: හරි හරි දැන් එන්නකො. අප්පටයි පුතාටයි පස්සෙ බැරියැ ඇති තරම් බදාගෙන ඉන්න. දැන් කේක් එක කපලා ඉමු ම්ම් ??

🐰 -: ඔව් චිමී එන්න

🐥 -: හරි අප්පා

ජිමින් ගොඩක් සතුටින් ජන්කුක්ගෙ අතේ එල්ලිලා කේක් එක ගාවට ගියා. ටේට හිතුනා ජිමින් එයාවත් එහෙම බදාගෙන හිටියා නම් කියලා.. ජිමින් එයා එක්කත් හුරතල් උනා නම් කියලා.. ජිමින් එයාටත් මේ ලෝකෙ ඉන්න හොදම පපා කියලා නම වෙයි කියලා.. ජිමින් එයාටත් ආදරෙයි කියයි කියලා..

ඒත් ඒක සිතුවිල්ලක් විතරයි 💔

🐯,🐰 -: Happy Birthday to You
Happy Birthday to You
Happy Birthday Our Mochii
Happy Birthday to You 👏

ටේයි ජන්කුක්නුයි අත්පුඩි ගහන ගමන් birthday song එක කියද්දි ජිමින් ප්‍රාර්ථනාවක් කරලා ඉටිපන්දම් ටික නිවලා කේක් එක කැපුවා.

ඊට පස්සෙ පලවෙනි කෑල්ල අතට ගත්තු ජිමින් පුරුදු විදිහටම හැරුණෙ ජන්කුක්ගෙ පැත්තට.

🐰 -: Happy Birthday පැටියො 

ජිමින් දික් කරපු කේක් කෑල්ලෙන් චුට්ටක් කාලා ඒකෙන්ම ජිමින්ටත් කවලා ජිමින්ව බදා ගත්ත ජන්කුක් එයාගෙ නලලෙන් හාදුවක් තිබ්බෙ ගොඩක් ආදරෙන්.

🐰 -: පපාටත් කෑල්ලක් කවන්න ජිමිනි.Please බෑ කියන්න එපා. අප්පා වෙනුවෙන් අදට විතරක්

ජිමින්ව බදාගෙනම ජන්කුක් ජිමින්ගෙ කනට මිමිණුවෙ එහායින් ඉදන් හිනා වෙන ගමන් බලාගෙන ඉන්න ටේ දිහා බලලා.

ඇස් දෙක රෝල් කරමින් ජන්කුක්ගෙන් ඈත් උන ජිමින් කේක් කෑල්ලත් අරන් ටේ හිටපු පැත්තට හැරුණෙ ටේගෙ ඇස් ලොකු වෙද්දි.

අහක බලාගෙනම ටේ දිහාවට කේක් කෑල්ල ලං කරනු ජිමින් දිහා කදුලු පිරුණු දෑස් වලින් බලපු ටේ චූටි කෑල්ලක් කෑවෙ ලොකු හිනාවකින් ඒ මූණ පුරවගෙන.

🐯 -: H..happy birthday මගෙ රත්තරන්..

ටේ ජන්කුක් වගේ ජිමින්ට හාදුවක් දීලා කේක් කෑල්ලක් කවන්න හැදුවත් ඒකට ඉඩක් නොදී ජිමින් ආපහු ජන්කුක් ගාවට ගියා.

ඒ කොහොම උනත් ඒත් ටේගෙ මූණෙ තිබුණ හිනාව නම් මොහොතකටවත් නැති උනේ නෑ.














•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now