🐰 -: Hospital එකෙන් ආව ගමන්ම එයා මාවත් ඇදගෙන ගියේ baby item තියන shop එකකට. මුලු ශොප් එක පුරාම ඇවිද ඇවිද එයා කහ පාටින් එක එක ජාතියෙ බඩු ගත්තා.
ඔයා ටේගෙ බණ්ඩියට ඇවිත් ඒ වෙද්දි සතියක් විතර උනත් ටේට දැණුනලු ඔයා පිරිමි ලමෙක් කියලා. එයාගෙ මූණෙ එදා තිබුණු හිනාව මට අද වගේ මතකයි.
ඔයා ටික ටික ලොකු වේගෙන එද්දි මං office ගිය වෙලාවට ටේ ඔයාට කතන්දර කියලා දෙන්න පටන් ගත්තා. හවසට මම ආවම මගෙ අත බඩ උඩින් තියාගෙන අපි දෙන්නම ඔයා එක්ක කතා කලා.
🐥 -: අ..අප්පා..
ජිමින්ගෙ කටහඩ වෙව්ලද්දි ජන්කුක් කලේ ආයෙත් සැරයක් ලාවට හිනා උනු එක.
🐰 -: බණ්ඩියට මාස හතක් උනාම මං office යන එක නතර කලා. ටේට ඒ කාලෙ මාව ගොඩක් ඕනෙ උනා. අන්තිම කාලෙ වෙද්දි එයාට තනියම ඇවිද ගන්නවත් බැරි උනා. නිකන් ඉදලත් එයාගෙ කකුල් හොදටම ඉදිමිලා තිබ්බා.
මට ඇත්තටම පුදුමයි ඔම්මා කෙනෙක් කොහොමද එච්චර දුකක් දරාගෙන ඉන්නෙ කියලා. මං ටේ විදපු දුක ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් මාව ලග තියන් ඔයා එක්ක කතා කරද්දි එයාගෙ හැම වේදනාවක්ම අමතක වෙලා ලස්සනට හිනා වෙනවා.
ඊට පස්සෙ කොහොමහරි ඔයා අපි ලගට ආවා. එදා තමයි මගෙ ජීවිතේ නරකම දවස වගේම ලස්සනම දවස. ලස්සනම දවස උනේ මගෙ චිමී අපි ගාවට ආව නිසා. එතකොට නරකම දවස වෙන්නෙ එදා ටේ විදපු වේදනාව මං ඇස් දෙකෙන්ම දැක්ක නිසා.
ඒත් නර්ස් ඇවිත් ඔයාව ඔතලා එයාගෙ අතට දෙද්දි ඒ හැම වේදනාවක්ම අමතක වෙලා ගිහින් එයාගෙ මූණට හරිම අහිංසක හිනාවක් ආවෙ. එයා කිව්වා ඔයා මෝචි එකක් වගේ කියලා. එයාම තමයි ඔයාට ජිමින් කියලා නම තිබ්බෙ.
ඔයා පොඩි කාලෙ ටේ ඔයාව බලා ගත්තෙ මලක් වගේ. ඔයාට චුට්ටක්වත් අඩන්න දුන්නෙ නෑ. මට ඊරිසියා හිතෙන තරමට එයා ඔයාට ආදරේ කලා. එයා හැමදාම කිව්වෙ 'දැන් මගෙ පවුල සම්පූර්ණයි කුකී.. හැමදේටම ස්තූතියි කියලා'
ඒත් අපේ හැම සතුටක්ම නැති වෙලා ගියේ ඔයා එයාට වෛර කරන්න ගත්තු දවසෙ කියලා. පොඩි කාලෙ කවුරුහරි ලමෙක් ඔලුවට දාපු කුණු ගොඩක් පල් කර කර තියන් ඉදලා ඔයාගෙ පපාගෙ ආදරේ ඒ විදිහට නොසලකා හැරියෙ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ ජිමින්.
මේ අවුරුදු ගානටම ඔයා ටේගෙ හිත රිද්දන වාරයක් වාරයක් ගානෙ එයාගෙ මූණෙ ඇදන දුකෙන් පිරිච්ච හිනාව ඔයා දැකලා තියනවද ?? මම ඔයාට බැන්නම මට බැනලා ඔයාගෙ පැත්ත ගත්තා කියලා ඔයාට මතකද ?? ඔයාගෙන් හිත රිදෙන කතා අහලා මාව බදාගෙන හුස්ම හිර වෙනකං අඩපු විදිහ ඔයා දන්නවද ?? ඔයා දන්නවද Jeon Jimin ?!
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘