• Part 8

738 152 30
                                    

🐥 -: අප්පා කෝ මගෙ තෑග්ග ??

කේක් කවලා ඉවර වෙලා ජන්කුක් ලග දැවටි දැවටි හිටපු ජිමින් ඇහුවෙ උඩ පනින ගමන්.

ජිමින්ගෙ මේ හුරතලේ දැකලා ටේටයි ජන්කුක්ටයි දෙන්නටම හිනා. අදට අවුරදු විස්සක් උනත් ජිමින් හැමදාමත් එයාලගෙ චූටි මෝචිම තමයි.

🐰 -: හ්ම්ම්.. ඔයාම බලන්නකො එලියට ගිහින්

ජන්කුක් එහෙම කිව්වම තවත් විනාඩියක් වත් පරක්කු නොවී ජිමින් එලියට දිව්වා. ජිමින් එක්කම ජන්කුක්නුත් යද්දි ටේත් ඒ පිටි පස්සෙන් ගියේ ජන්කුක් ගෙනාපු තෑග්ග මොකද්ද කියලා බලන්න.

එලියට ගියපු ජිමින් දැක්කෙ එයා ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටපු.. හීනතක් වෙලා තිබුණු වර්ගෙ බයික් එකක් එලියෙ නවත්තලා තියනවා.

🐥 -: වොහ් !!

බයික් එක ගාවට ගිය ජිමින් දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලන ගමන් වටේ කැරකි කැරකි ඒක අත ගාන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බයික් එක ගාවට ගිය ජිමින් දිලිසෙන ඇස් වලින් ඒ දිහා බලන ගමන් වටේ කැරකි කැරකි ඒක අත ගාන්න ගත්තා.

🐥 -: අ..අප්පා ම්..මේක මටද ??

🐰 -: ඔව් මෝචි.. ඔන්න ඔයා හොදට ලකුණු ගත්ත නිසා මං මගෙ පොරොන්දුව ඉෂ්ට කලා

🐥 -: තෑන්ක් යූ අප්පා.. තෑන්ක් යූ සෝ මච් 😭

සතුට වැඩි කමට ජිමින් දුවගෙන ගිහින් ජන්කුක්ව තද කරලා බදාගෙන අඩන්න ගත්තෙ ජන්කුක්නුත් ජිමින්ව බදාගෙන හිනා වෙද්දි.

ඒත් ටේ නං ජන්කුක්ගෙ මේ තීරණේට ලොකු කැමැත්තක් තිබුණෙ නෑ. මේ වයසෙ තරුණ ලමයි වාහන එලවන්නෙ කොහොමද කියලා අපි හැමෝම දන්නවානෙ.

අනිත් පැත්තෙන් ගත්තොත් ජිමින්ට පලවෙනි පාරට තමයි මේ විදිහට වාහනයක් හම්බුණේ. ඉතින් ටේ බය උනා ජිමින් කරදරයක් කර ගනී කියලා.

🐯 -: කුකී මං ඔයාට කිව්වා නේද දැන්ම මේ දේවල් එපා කියලා

🐰 -: ඒත් ටේ මං චිමීට පොරොන්දු උනානෙ. මට පොරොන්දු උන විදිහටම ජිමින් හොදට ලකුණු ගත්තා. ඉතින් මමත් මගෙ පොරොන්දුව ඉෂ්ට කරන්න එපැයිනෙ

🐯 -: ඔයාටත් පොරොන්දු වෙන්න කලින් ටිකක් හිතන්න තිබ්බා කුකී. මේ වගේ දෙයක්ම ඇයි දුන්නෙ ??

🐰 -: ඇයි ටේ ?? ජිමිනිට දැන් අවුරුදු විස්සක්. අනික එයාට ලයිසන් එහෙමත් තියනවනෙ

🐯 -: ඒත් ජන්කුකී මේ චිමීගෙ පලවෙනි වාහනේ. ඔයාට තේරෙන්නෙ නැද්ද මේ වයසෙ ලමයි.....

🐥 -: ඇති !! නවත්තගන්න ඔයා !!

ටේ දිගටම මේකෙ තියන බරපතලකම ජන්කුක්ට තේරුම් කරලා දෙන්න ගියත් ජිමින් ඒ මැද්දෙන් කෑ ගැහුවෙ ටේව ගැස්සිලා යද්දි.

🐥 -: ඔය හොදටම ඇති !! ඇයි ඔයා අප්පට බනින්නෙ ආ ?? අවුරුදු විස්සක් කියන්නෙ පොඩි වයසක් නෙවෙයිනෙ. බයික් එකක් පදින්න ඕනෙ කොහොමද කියලා මම දන්නවා. මට බබෙක්ට වගේ සලකන එක දැන්වත් නවත්තන්න.

මොකද්ද ඔයාට තියන ප්‍රශ්නෙ ?? මේක ඔයාගෙ සල්ලි වලින් ගත්ත එකක් නෙවේනෙ. මේවා මගෙ අප්පගෙ සල්ලි. ඔයා කරන්නෙ ගෙදරට වෙලා කකා බිබී ඉන්න එකනෙ. ඉතින් අප්පගෙ සල්ලි ගැන ඔයාට මොකද්ද තියන ප්‍රශ්නෙ ??

🐰 -: ජිමින්.. !!

🐥 -: නෑ ඉන්න අප්පා.. මට තේරෙනවා.. ඔයාට ඊරිසියයි නේද ?? සමහර විට තරුණ කාලෙ ඔයාට මේ දේවල් තියෙන්න නැතුව ඇති. ඔහ් නෑ තමයි ඔයා හිටියෙ අනාථ නිවාසෙකනෙ. නැත්තං අප්පා මට වටින දේවල් ගෙනත් දෙන එකටද ඔයාට ඊරිසියා ??

කියන්නෙ නං මං ඔයාගෙ පුතා කියලා නේද හහ් 😏

🐰 -: ජිමින් මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඕක නතර කරනවා දැන්මම !!

ජිමින් කට කොනින් හිනා වෙන ගමන් හිතන්නෙ බලන්නෙ නැතුව කියාගෙන යද්දි ටේගෙ ඇස් වල කදුලු පිරෙනවා දැක්ක ජන්කුක් කෑ ගැහුවා.

ටේට ඕනෙ උනේ ජිමින් පරිස්සම් වෙනවා දකින්න විතරයි...

දිගටම කට කොනේ හිනාව දාගෙන ටේ ලගට ගියපු ජිමින් ටේ දිහාවට එයාගෙ අත ඇල්ලුවා.

🐥 -: ඉතින්.. කෝ මගෙ තෑග්ග ?? 😏
















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now