🐰 -: ඔයාට ඔම්මා කෙනෙක් නේද ඕනෙ උනේ ?? මොකද්ද ඔම්මගෙයි පපාගෙයි වෙනස ?? ඔයාගෙ පපා ඔයාට මාස නවයක් බඩේ තියාගෙන ඉදලා දරා ගන්න බැරි වේදනාවක් විදලා ඔයාව මේ ලෝකෙට බිහි කලා.. එයාගෙ ලේ කිරි කරලා පොවලා ඔයාව ලොකු මහත් කලා.. ඔයාගෙ හැම වැඩක්ම එයාගෙ අත් දෙකෙන්ම කලා.. ඔයාට උතුරන්න තරම් ආදරේ දුන්නා..
මොකද්ද ජිමින් ඔම්මාගෙයි පපාගෙයි වෙනස ?? ගෑනු කෙනෙක් වගේම දුක් විදලා ටේත් ඔයාව හැදුවෙ. පපා නෙවෙයි හරි නම් ඔයා එයාට ඔම්මා කියලයි කතා කරන්න ඕනෙ
🐥 -: ම..මට ස්..සමාවෙන්න අ..අප්පා 😭
🐰 -: මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ ජිමිනි. දන්නවද ඔයාගෙ පපා අද අර විදිහට ඇදක් උඩ ඉන්න හේතුව ඔයා කියලා..
🐥 -: ම්..මොකක් ??
🐰 -: ඔව්.. ඔයා මෙච්චර කාලයක් එයාට කරපු දේවල් නිසා එයාට ආයෙමත් depression හැදිලා. මමත් office ගිය වෙලාවට ටේ ගෙදර තනි වෙනවා. ඉතින් තමන්ගෙ දුක කියා ගන්න කෙනෙක් නැති වෙනකොට , තමන්ගෙම දරුවා එයාට එහෙම කරනකොට කොහොමද මගෙ ටේ ඉවසන්නෙ ??
එයා ගොඩක් වෙලාවට තමන්ගෙ ප්රශ්න හංගගෙන ඉන්න කෙනෙක්. එයා නොකිව්වට මම දැනගෙන හිටියා එයාගෙ හිතේ ලොකු වේදනාවක් තියනවා කියලා. ඒත් මං හිතුවෙ නෑ ඒකෙන් මෙච්චර දෙයක් වෙයි කියලා. හැමදාම තනියම අඩලා , තනියම කල්පනා කරලා එයා ගොඩක් ලොකු pressure එකක් ඉදලා තියෙන්නෙ.
මීට අවුරුදු තුනකට විතර කලින් තමයි මමත් මේ දේ දැන ගත්තෙ. ඒකත් bathroom එකේ තිබුණ blood නිසා. එයා මට ඒ කිසිම දෙයක් නොකියා හංගගෙන ඉදලා.
එදා ඉදලා අද වෙනකං ටේ බෙහෙත් බොනවා , treatments ගන්නවා. සැරෙන් සැරේ එයාගෙ blood pressure වැඩි වෙනවා , faint වෙනවා , nose bleed වෙනවා..
ඩොක්ට කිව්වා ටේව මීට වැඩිය හොදට බලා ගන්න කියලා. එදා ඉදන් මම පුලුවන් තරම් ටේව තනි නොකර එයාට දුකක් නොදී ඉන්න වග බලා ගත්තා. ඒත් මං මොනා කරන්නද ?? ඔයා නිසා එයාගෙ තත්වෙ තවත් නරක අතට හැරුණ එකයි උනේ.
Please මෝචි.. මං ඔයාට වැදලා හරි කියන්නම්.. ඔයාගෙ පපාට ඔහොම කරන්න එපා මැණික. එයා මගෙ වගේම ඔයාගෙ ආදරේටත් ගොඩක් ලෝබයි. ඔයාගෙ ආදරේ එයාට ලැබුණෙම නැති තරම්. අපි දෙන්නා නැතුව එයා සම්පූර්ණ නෑ ජිමිනි. Please මගෙ අහිංසකයට ඔහොම කරන්න එපා. එයාට තවත් දරා ගන්න ශක්තියක් නෑ.
පොඩ්ඩක් බලන්න එයා කොච්චර දුකක්ද විදින්නෙ කියලා. ටිකක් හිතලා බලන්න තමන්ගෙ දරුව තමන්ට මෙහෙම කරද්දි ඔම්මා කෙනෙක්ට කොච්චර වේදනාවක් දැනෙනවා ඇතිද කියලා. අපි ඔයා අද හැදෙයි හෙට හැදෙයි කියලා බලන් හිටපු එකයි වැරැද්ද. Please මෝචි.. මගෙ මැණිකට ඔහොම කරන්න එපා
🐥 -: ම..මට ස්.සමා..ව්..වෙන්න අ..ප්පා.. ම්..මට.. 😭
ජන්කුක්ගෙ කතාව ඉවර වෙද්දි ජිමින් කොච්චර අඩන ගමන් හිටියද කිව්වොත් එයාට කතා කර ගන්නවත් බෑ. ජන්කුක්නුත් ඒ වගේම අඩන ගමන් ජිමින්ව තද කරලා බදා ගත්තෙ මේ හැමදෙයක්ම ඉක්මනට විසදෙන්න කියලා ප්රාර්ථනා කරන ගමන්.
•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘