ඒත්...
ඒ ඉස්සරහ හිටපු කෙනා දැක්කාම මාව සීතල වෙලා ගියෙ මටත් නොදැනීමයි...
~~~~~~~~~
Siji Pov
හප්පා මෙයාගෙ ඇඟේ ද හැප්පුනේ. හරි Siji කන්න වෙයි වගේ හොඳ කෑමක්. ඒත් මං වැරදි නෑනෙ එයා ඉස්සරහ බලන් ආවනම් මේක වෙන්නෙ නෑනේ. ඕන දේකට මූණ දෙමු Siji.
(Siji තනියම හිතුවා)සොරි ඔන්නි.
(පොඩි තුනෙන් එක්කෙනෙක් කියල හිතපු අය වෙනුවෙන් විනාඩි අරික්කාලක නිශ්ශබ්දතාවයක් 😂💔)
ඒ වෙන කවුරුත් නෙවෙයි Yuri
Yuri - අයිශ්...... සොරි කිව්වාම ඔක්කොම හරියනවද ආහ්.... ඉස්සරහ බලාගෙන යන්න දන්නෙ නැද්ද.... දැන් මේ බීම පැල්ලම් එක්ක මං කෝමද ඉන්නෙ ආහ්.....
Soo - සොරි ඔන්නි අපි හිතල කරේ නෑනේ මේක අත්වැරදීමක්නෙ...
Yuri - හහ් තමුන්ල මන් කවුරු කියලද හිතන් ඉන්නෙ ආහ්.... අනික සොරි කිව්වාම මේ ඔක්කොම හරියනවද ආහ්... ඉන්නවකො අද හොඳ පාඩමක්..
?? - ආහ් Yuri මොකෝ බං මේ ?
Yuri - Ji බලන්නකො මේ ඇස් පියාගෙන පාරෙ යන උන් හින්ද මට උණ දෙයක්...
Tae Pov
මං කාර් එකත් පාක් කරලා Kookie ගෙ jacket එකත් අරන් ඉක්මනට Uni එක ඇතුළට ආවෙ අපි වෙනදටත් වඩා අද පරක්කු වුණ නිසා.
ඒත් canteen එකට යන පාරෙ ළමයි එකතු වෙලා ඉන්නවා දැක්ක නිසාත් කෙල්ලෙක් ගෙ සද්දයක් ඇහුන නිසාත් මං කෝකටත් ඔළුව දාල බලන්න හිතුවෙ මගෙ පාප මිත්‍රයො දෙන්න මොකක් හරි කුප්ප වැඩක් කරන්න ගිහින් කෙළ වෙලාද කියල බලන්නත් එක්කමයි.
ඒත් මං හිතුව දේ වැරදී කියල ඔප්පු වෙන්න ගියෙ විනාඩියයි. මාත් ළමයි අස්සෙන් ඔළුව දාල බැලුවාම දැක්කෙ අර Yuri යි එයාගෙ නැට්ට වගේ ඉන්න Ji - Young යි ලස්සන චූටි කෙල්ලො දෙන්නෙක්ට බනිනවා.
මං හිතන්නේ ඒ දෙන්නා 1st year එකේ දෙන්නෙක් ද කොහෙද ඒකනෙ මෙච්චර කාලෙකට මට ඒ දෙන්නව නෝට් වෙලා නැත්තෙ. මොනවා උණත් බීම වලින් නෑවිලා ඉන්න එක්කෙනා නම් අනික් එක්කෙනා ට වඩා cute.
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...