මීදුම්...01
රැල්ලක් පිට තව රැල්ලක් වැදි වැදී බිදිල යන මුහුදු වෙරලට මන් ආදරේ කරන්න
පටන් ගත්තෙ මට යන්ත මේ ලෝකෙ තේරෙන කාලෙ ඉදලා....
ටිකෙන් ටික වයස වැඩි වෙද්දි ඒ මුහුදත් එක්ක තිබ්බ බැදීම තවත් ටිකෙන්
ටික වැඩි වෙද්දි මගෙ හිතට දුක සතුට දැනෙන හැම මොහොතකම මන්
මුහුද ලගට දුවල එක එක පුරුද්දක් කරගත්තා..
අදත් මේ අනික් හැම වැඩක්ම අතෑරල දාල ගල්කිස්ස බීච් එකට දුවන්
ආවෙත් ඒ නිසාමයි...
අම්මා තාත්ත මල්ලි එක්ක ගෙවෙන ජීවිතය කොයි තරම් නම් සුන්දර උනත්...
හැමෝම ගොඩාක් ලසසනයි කියන කැම්පස් ජීවිතය විදින්න ඕන
උපරිමවයන්ම විදල ඒ ජීවිතයෙන් අයින් වෙලා රස්සාවක් කරන්න ගත්තහම
ආපහු මගෙ ජීවිතයෙ හිස වෙලා තිබ්බ කොටසක හිස බව තදින්ම හිතට
දැනෙන්න පටන් අරන් කියන දේ අද උදේ ඉදන්ම මගෙ හිත කෑ ගහ ගහ
කිව්වා...
.................................
අවුරුදු 24 තිස්සේ ජීවිතය තිබ්බ ඒ හිස කම දැන් ගොඩාක් මාව රිද්දනව
කියල මට දැනෙන්න ගත්තේ මේ අලුත් ජීවිතයට ආවට පස්සේ.... මගේ
යටතේ වැඩ කරන මිනිසසු දහස් ගානක් කිසිම බාදාවක් නැතුව පාලනය කර
ගන්න මට මගේ හිත කෑ ගහ ගහ උබගෙ ජීවිතයෙ කොටසක් හිස් නේද
කියල කියද්දි ඒ හිත පාලනය කරගන්න පුලුවන් කමක් නැති එකට මන්
වෙලාවකට මාත් එක්කම තරහ ගත්ත...
පැය තුනක් විතර මුහුද දිහා කිසීම හැගීමක් නැතුව බලන් ඉදපු මන් ලොකු
හුසමක් හෙලන ගමන් වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටේ ඉර ඈත සිතිජයේ
ගිලෙන්න ඔන්න මෙන්න වගේ ලන් වවලා තිබ්බ නිසා....
මුහුදු වැල්වල එරි එරි මන් ආපහු කාර් එක ලගට යන්න කියල හිතන් බීච්
එකෙන් එලියට යද්දි එක පාරටම මගෙ පිටට කෙනෙක් තට්ටු කරනවා කියලා
දැනුන නිසා මන් අනික් පැත්ත හැරුනා...
ඊලග තත්පර ගාන ඇතුලත මගෙ හිතට මොනවා දැනුනද කියන එක මට
මගෙ මොලෙන් වටහා ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.. මොකද මන් ඒ
තරමටම මගෙ හිතෙන්ම ඒ ඇස් දෙක ලග නතර උනා...
ගානට කපල උස්සපු කොන්ඩෙ , ලා නිල් පාට ටයිඩ් අත් කොට ශර්ට් එකක්
ඇදලා ලා කක්‍රීම් පාට කොට කලිසමක් ඇදල ඉදපු ඒ කෙනාව දැක්කහම
ඇත්තටම මෙච්චර කාලයක් මන් හිතෙන් හොය හොයා ඉදපු කෙනා මගේ
ඇස ඉස්සරහම ඉන්නව වගේ මට දැනුන...
" එක්ස් කියුස් මී... ඔයාගෙ වොලට් එක වැටුනා....."
කලු ලෙදර් පර්ස් එකක් මගේ දිහාට දික් කරගෙන එයා කියද්දි මන් කරේ ඔහේ
ගල් ගැහිල වගේ එයා දිහා බලන් ඉදපු එක...
" එක්ස් කියුස් මී... මිස්ටර්..."
"ආ... සොරි... තෑන්ක්ස්..."
මන් එහෙම කියල පර්ස එක අතට ගනිද්දි එයා ආපහු ලස්සන විදිහට හිනා
වෙලා මගේ දිහා බලන් ඉදිල ආපහු හැරිල යන්න ගියා...
මට වෙච්ච දෙයක් හිතා ගන්න බැරිව එයා යන දිහා බලන් ඉදිද්දි එයා බීච්
එකේ ඉසසරහටම යන්න ගියා....තවත් එයා ඉසසරහටම යද්දි මන් එයා දිහාම බලන් හිටියේ මොකක්
කරන්නද කියලා මට හිහාගන්න බැරුව.. ඒත් මගේ යටි හිත කෑ ගහ ගහ
කියපු එකම දේ...
එක පාරක් හැරිල මගේ දිහා බලන්න කියන එකම විතරයි....
එක පාරටම ඉසසහට යන එක නවත්තල එයා ආපහු පිටිපස්සට හැරිල මගේ
දිහා බලද්දි මගේ හිත කියාගන්න බැරී තරම් මොකද්ද මන්දා අමූතුම
සතුටකින් පිරිල ගියා...
මගේ දිහා බලල ආපහු පාරක් හිනා උන එයා තවත් තත්පරයක් විතර මගේ
දිහා බලන් ඉදල හැරිල එයා ආපු දිහාවට යද්දි මන් ගලපගන්න බැරි හැගීම්
ගොන්නක් අස්සේ හිරවෙලා එයා දිහා බලාගෙනම ඉදියා...
කවුද දෙවියනේ ඔයා... කොහේ ඉදන්ද ඔයා ආවෙ......
මගේ හිත මගෙන් එහෙම අහද්දි මටත් නොදැනීම මගේ කකුල් එයා ගිය
දිහාට ඇදිල ගියා... ඒ විදිහට අඩි පහක් වත් යන්න උනේ නෑ ඊලගට මන්
දැකපු දේ නිසා මන් ඉසසරහට යන එක නතර කරලා එහෙමම ඉන්න
තැන නතර උනා.......
ටිකක් වෙලා මන් ඒ ඉසසරහ බලන් ඉදියේ ඇස් වලට දැකපු දේ හිතින්
හිතපු දේමද කියල හරියටම තහවුරු කරගන්න ඕනි නිසා...
එත් ඒ ගෙවෙන හැම තත්පරයක් තත්පරයක් පාසාම මගේ පපුවට දරාගන්න
බැරි මහ මොකද්දෝ ලොකූ වේදනාවක් දැනුන...
ඒ වේදනාව හිතේ හිර කරගෙන ඉන්න ඉන්න මගේ හිත මාත් එක්කම කේන්තියෙන් කෑ ගහන්න පටන් ගනිද්දි මන් ඉසසරහට තියපු අඩිය
ආපසසට අරන් එහෙමම බීච් එකෙන් එලියට ගියා...මතුසම්බන්ධයි ..
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..