මීදුම් ....44
අට වෙද්දි මන් ඇහැරුනා.. ඇහැරිලා එහෙමම බාත් රූම් එකට ගිහිල්ල මූන සෝදන් ටවල් එකෙන් මූන පිහිද පිහිද මන් ගියෙ තාරක අයියගෙ රුම් එකට..
එදා කිව්ව දේ මතක් උන නිසා මන් දොරට තට්ටුවක් දාගෙනම ඇතුලට ගියා..
" අයියේ.. ගුඩ් මෝනින්..."හ්ම්... ඒත් කිසි රිප්ලයි එකක් නෑ...
එතකොටම තමයි මට මතක් උනේ අයිය අද වැඩට යනව කියල..
මන් ආයි මගෙ රූම් එකට ආවෙ ටිකක් අප්සට් එකේ මොකෝ අයිය නැතුව අද දවසම පාලුවෙන් ඉන්න වෙයි කියල දන්න නිසා.. අද විතරක් නෙවෙයි සතියෙ දවස් හැම එකකම..මන් එහෙමම පහලට ගියෙ ශර්ට් එකක් දාගෙන..
" ආ සුදූ ඔයා ඇහැරුනාද ..."
"ආ ඔව් නැන්දි.. කෝ මාමයි අයියයි..."
"දෙන්නම වැඩ සුදූ අද අපි දෙන්න විතරයි... ම්ම්ම්..මන් තේකක් හදන්නද ඔයාට..."
"එපා මන් හදාගන්නම් ...."
"ඔහොම ඉන්න මන් හදන්නම් ...."
"අනේ ඕනි නෑ නැන්දියො මන් ටක් ගාල හදාගන්නම්..."
............................................
මන් කෝපි එකකුත් හදන් එතනම තිබ්බ ටේබල් එකෙන් වාඩි උනා මධූ නැන්දිත් එතනම ඉදන් පත්තරයක් බල බල ඉදියෙ
"මොකෝ අයිය නැතුව කම්මැලීද..."
"ටිකක්.."
"හරි හරි අපි ගමනක් යමු ටිකකින් හොදද..."
"කොහෙද..."
"ඔයාව කැම්පස් එකකට දාන්න.. සාගර් කියල ගියෙ ඔයාව මෙහෙ යුනිවසිටි එකකට දානව කියල.."
"ම්ම්ම්.. මෙච්චර ඉක්මනට..."
"කරන්න දෙයක් නෑ සුදූ... ඔයා ඉස්සරහටම ඉගෙන ගන්න ඕනි..."
" හරී....."
"ම්ම්ම්... එහෙනම් කෝපි එක බීල ලෑස්ති වෙලා ඉන්න මමත් ලෑස්ති වෙන්න යනව හොදද..."
" හරි නැන්දි..."
...........................................................
"සුදූ.. ඔයා ලෑස්තිද..."
"මේ එනවා..."
මන් පඩිපෙල බහින ගමන් කියන් ආව..
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..