මීදුම් 04
මීදුම් ...4
කාර් එක ඇවිල්ල ඉස්සරහ නතර කරද්දි අයිය ඉස්සරහ දොර පැත්තට ගියා...
ඒත් එක්කම අක්ක කුස්සියෙ ඉදන් මට කතා කරපු නිසා මන් පොඩ්ඩවත් වඩාගෙන එහෙමම කුස්සිය දිහාට ගියා
ඒක නිසා මට ආවෙ කව්ද කියල හිතා ගන්න බැරි උනා........................................................
" සුදු මල්ලි අනේ පොඩි උදව්වක් කරන්නකො..."
"ආ කියන්න අක්කෙ..."
"අනේ සුදූ අර උඩ තියන පිගන් ටික අරන් දෙන්නකො.. මට ගන්න බෑනෙ අයියට කතා කරා එයත් නෑ... කොහෙද මන්ද...""ආ ඉන්න මන් අරන් දෙන්නම්...
ඒ පොඩ්ඩෝ .... ටිකකට බිමට බැහැල ඉන්න මාමි අම්මට මේ ටික අරන් දෙනකම්..."මන් එහෙම කියන ගමන් අතේ ඉදපු පුතාව බිමින් තියල අක්කට පිගන් ටිකාරන් දෙන්න කියල හිතන් පැන්ට්‍රි කබඩ් එක ඇරිය..
" ඇත්තට සුදූ කෝ අයිය..."
" අයිය ඉස්සරහට ගියා අක්ක... කව්ද මන්ද ආව කාර් එකේ ඒක බලන්න්න..."
"ආ එහෙනම් අයියගෙ යාලුව වෙන්න ඇති ...අයියෝ එහෙනම් එයාටත් බොන්න මොනව හරි දෙන වෙයි..."
එහෙම කියල අක්ක සින්ක් එක ලගට ගිහිල්ල වීදුරුවක් හෝදල ෆ්‍රිජ් එකෙන් ගත්ත බීම වගයකින් ඒක පුරවද්දි මන් පිගන් ටික අරන් ගිහිල්ල සින්ක් එක ලගින් තිබ්බ...
" දුවේ.... කෝ දෙන්න මන් ඕක කරන්න... "
අයියගෙ අම්ම .. ඒ කියනෙ මගෙ ලොකු අම්ම ඇවිල්ල අක්ක පිගන් ටික සෝදන්න හදද්දි කියද්දි අක්ක කතා කරන්න ගත්තා..
" අනේ කමක් නෑ අම්ම මන් මේක කරන්නම් අම්ම වාඩිවෙලා ඉන්න..."
"අයියෝ ඕක මොකක්ද දරුවො මන් ඕක කරන්නම්... අනික දැන් වැඩිය මහන්සි වෙන්න එපා... "
එහෙම කියල පිගන් ටික හෝදන්න පටන් ගන්න ගමන් ලොකු අම්ම මගෙ දිහාට හැරින...
" ආ සුදූ මන් මේ දැන් කාලෙක ඉදන් අහන්න හිටියෙ ඔයාගෙන් දෙයක්..."
"මොකාක්ද ලොකු අම්මෙ..."
"දැන් ඔයාට ගෑනු ලමෙක් එහෙම නැද්ද. .. දැන් බදින වයසත් හරිනෙ අපි ඒව හොයල බලන්නත් එපැයි...."
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..