මීදුම් ...62
තට්ටු කරන සද්දෙ ඇහුන ගමන් මන් දඩ බඩ ගාල ඇදෙන් බැහැල කාමරේ දොර ලගට ගිහිල්ල දොර ඇරිය..
ඒත් කවුරුත්ම දොර ලග නෑ...
මොකක්.. මට ඇහුනනෙ කවුරු හරි දොරට තට්ටු කරනව...
මන් කාබරෙනුත් එලියට ඇවිල්ල වටපිට බැලුවෙ ගගන්ගෙ පිස්සු වැඩක්ද දනෙ නෑ කියල හිත හිත...
ම්හ්..කවුරුත්ම නෑ... මන් එහෙම හිත හිත දොර වහද්දි ආයොමත් මටඇහුන තට්ටු කරන සද්දයක්...මන් ඒ පිම්මටම පැනල දොර ඇරියත් කලින් වගේම කවුරුත්ම නෑ...
ඒත් එක්කම ආයිමත් තට්ටු කරන සද්දයක් ඇහෙද්දි මගෙ හිත කිව්ව ඒ නම් දොරට තට්ටු කරන සද්දයක් නෙවෙයි කියල..මන් ඒක නිසාම දොර වහල දාල කාබරේ ඇතුලට ආව..
ආයිමත් තට්ටු කර්න සද්දයක් ඇහෙද්දි මට තේරුනා ඒක අහෙන්නෙ බැල්කනි එක පැත්තෙ ජනේලෙන් කියල..
කවුද දෙය්යනේ මේ රෑ බැල්කනි එකේ දගලන එකා..
මන් එහෙම හිත හිත ජනේලෙ ලගට ගියෙ මේසෙයක් උඩ තිබ්බ පෝසිලේන් වාස් එකක් මල් ටික අයින් කරල අතට අරගෙන..
බැරිවෙලාවත් හොරෙක්නම් දගලන්නෙ.. කියන්න බෑනෙ ඉතින්..
මන් මගෙ හිතෙන්ම තර්ක කර කර ජනේලෙ ලගට ගිහිල්ල හිමින් සැරේ ජනේලෙ ලොක් එක ඇරල එක පාරටම ජනේලෙ ඇරගෙන එලියට පැන්න..."සුදු..සුදූ.. මේ මම..."
මන් මල් පෝච්ච්යත් උස්සගෙන එලියට පනිද්දි මට ඇහුනෙ ගගන්ගෙ කටහඩ
" ගගන්.. .. අයියෝ තව පොඩ්ඩෙන් මන් ගහනව...මොකද මෝඩයො කරන්නෙ...'
"මමත් අහන්නෙ මොකද මේ කියල තමා.. මොකද ඔය වාස් එකක් උස්සගෙන මගෙ ඇගට පැන්නෙ මෝඩය..."
"මමද මෝඩය..මොකද මේ මෙතන කරන්නෙ.. "
"මන් ඔයාව බලන්න ආවෙ.. අනේ ඇතුලට යන්ද එලියෙ සීතලයි..."
" යන්න යන්න.. පිස්ස කෝ ජර්සි එක..."
මන් එහෙම කියද්දි ගගන් ටක් ගාල කාබරේට ගියා.. මමත් ජනේලෙ වහගෙනම ඇතුලට යද්දි ගගන් ඇදට පැනල බ්ලැන්ක්ට් එක පොරවගෙනත් ඉවරයි...
" මැට්ට.. එක්කො කෝල් එකක් දෙන්න ඕනි මන් එන්ව බැල්කනි එකෙන් කියල..."
" මන් කෝල්.. කරා ලයින් එක බිසීනෙ ..."
ගගන් ගැහෙන ගමන් කියද්දි තමා මට ක්ල්පනා උනේ මන් අප්පච්චි එක්ක කෝල් එකේ ඉදියෙ කියල...
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..