මීදුම් .....23
ජීවිතයෙ සමහර අවස්තා තියනවා අපිට කාගෙ හරි පිහිටක් පිලිසරනක් නැතුවම බැරි .... හැම ප්රශ්නෙකටම තනියම මූන දෙන්න පුලුවන් කියල හිතුවත් එහෙම කරන්න බැරි... ඒ වෙලාවට අපිට තව කෙනෙක්ගෙ පිලිසරනක් ඕනිමයි ....
මට ඇත්තටම හිතාගන්න බෑ මන් අඩන්න ඕනිද හිනාවෙන්න ඕනිද කියල...
මන් දන්නව සාගර් අයිය මට ගොඩක් ආදරේ කරනව මොකද මට එයාගෙ ඇස් දිහා දැක්කහම ඒක තේරුම් ගන්න පුලුවන්.. ඒ ඇස් වල මන් වෙනුවෙන් ආදරේ පිරීල ... ඒත් මගෙ හිත එයා වෙනුවෙන් කවදාවත් ඒ විදිහට කිසිම හැගීමක් එකතු වෙලා නෑ... මන් එයාට ආදරෙයි ඒත් ඒ ආදරේ මන් ලොකු අයියට දෙන ආදරේ වගේ සහෝදර කමෙන් පිරුනු ආදරයක්..ඒත් එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ සහෝදර කමෙන් එහාට ගිය දෙයක් ඒත් මට කවදාවත් එයා බලාපොරොත්තු වෙන දේ එයට දෙන්න පුලුවන් කියල මන් හිතන්නෙ නෑ මොකද මන් මගෙ මුලු ආත්මයෙන්ම එක්කෙනෙක්ගෙම විතරක් උන නිසා..
ඇත්තටම මට දැනුනෙ මහා අසරන කමක්... මොනා කරන්නද කියල මට හිතාගන්න බෑ.. සාගර් අයිය මන් නිසා දුක් වෙන එක මට දරාගන්න අමාරුයි.......................................................
මට දැනුනු ඒ හුරු පුරුදු බවත් කවුරු හරි මගෙ පිටට අත තියනව දැනුන නිසා මන් ඒ දිහා හැරුන..
"සුදූ... මොකද මේ...."
ආදිගෙ ආදරෙන පිරුනු කටහඩ ඇහෙද්දි මට තවත් මාව කන්ට්රෝල් කරගන්න බැරු උනා.. ඒක නිසාමයි මන් පැනපු ගමන් එයාව තුරුල් කරගත්තෙ...
ආදිත් මොකුත්ම නොකිය මට එහෙම ඉන්න දුන්න.................................................................
විසිරිලා තිබ්බ මගෙ හිත ආදිගෙ උනුහුමෙන් ටික ටික සන්සුන් වෙද්දි මන් ආදිගෙ උනුහුමෙන් ටිකකට ඈත් උනා...
" ඔයා මොකද මෙහෙ කරන්නෙ..."
මගෙ දිහා බලන් ඉන්න ආදිගෙන් මන් ඇහුවෙ ඇත්තටම එයා කොහෙන් ආවද කියල හිතාගන්න බැරුව...
" මොකද කරන්නෙ අහන්නෙ මන් තෝව බලන්න ආවෙ..."
ආදි ඔරෝන ගමන් කියද්දි මට හිනා ගියා.." යකෝ මූ කතා කරන කැත..."
" මගෙ මිනිහට මන් ඕනි විදිහකට කතා කරනව..."
ආදි මගෙ කනෙන් අදින ගමන් කිව්ව...
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..