මීදුම් ...53
කාබරේට ඇවිල්ල චාජරේට ගහල තිබ්බ ෆෝන් එක ඔන් කරන ගමන් මන් බැලුවෙ වෙලාව කීයද කියල...
හ්ම්... තාම 2.30 නෙ
මන් හිතෙන් මටම කිය කිය බාත්රූම් එකට ගියෙ ලෑස්ති වෙන්න කලින් වොශ් එකක් දාගන්න..වොශ් එකක් දාගෙන ඇවිල්ල බෑක් එකෙන් ගත්ත අලුපාට ඩෙනිම ඇද උඩට විසි කරන ගමන් ආයි බෑක් එක ඇද්දෙ අදින්න ශර්ට් එකක් හොයාගන්න..
අත් දිග කොලර් නැති ටී ශර්ට් එකක් අතට අහුවෙද්දි මන් එච්චර හිතන්නෙ නැතුවම ඒක ඇදල අරන් දඩි බිඩි ගාල ඇදගත්ත...
ඇදුමත් දාගෙන මෙච්චර වෙලා ඇදන් ඉදපු ජර්සි එක අතට ගත්තත් ඒක දිගටම ඇන්ද නිසා ආයි අදින්න මට හිතුනෙ නෑ..
මන් ඒක නිසාම ජැකට් එක විතරක් උඩින් ඇදගෙන එලියට ආව.." සුදූ... "
මන් කබරෙන් එලියට එද්දිම මගෙ ඉස්සරහට ආපු තාරක අයිය කතා කරා...
" ආ අයියෙ කියන්න්..."
"මන් ඔයා ලෑස්තිද බලන්න ආවෙ..."
" ආ ඔව් අයියෙ යමු...'
"කෝ ජර්සි එක දවල් කියල නෑ මෙහෙට සීතලයි..."
"ඒක අදින්න බෑ අයිය අපි ටවුන් එකෙන් වෙන එකක් ගමුද.."
"හ්ම්ම්.. යමු එහෙනම් ඔය තියන එකවත් ඇදගන්න දැනට.."
.........................................................
අපි එලියට යද්දිත් නිකිල් වාහනේ ඉදියෙ ... ගගන් ඩ්රයිවින් සීට් එකේ වාඩි වෙලා ඉස්සරහ බලන් ඉදිය..
" ආ ඔයාල ආවද.. සොරි පට්ට සීතලයි බන් එලියෙ මන් ඒකයි ආවෙ නැත්තෙ.."
"ඒකට කමක් නෑ නිකිල් සර්..."
" මන් හැදුනෙ වැඩුනෙ මෙහෙ උනට මොකද තවම කොලබ ඉදල මෙහෙ අහම දවස් දෙක තුනක් යනකම් මට සීතල ඔරොත්තු දෙන්නෙ නෑ..."
නිකිල් එහෙම කියන ගමන් සීට් බෙල්ට් එක දාගත්ත..
"ගගන් සර්.. මන් වාහනේ ගන්නම්..."
"කමක් නෑ තාරක ඔයාට පාරවල් හුරු නෑනෙ මෙහෙ..."
මට කොයි වෙලෙත් බනින ගගන් සර් තාරක අයියට ගොඩාක් හිතවත් විදිහට කියද්දි මන් මගෙ පැත්තෙ තියන ජනේලෙන් එලිය බලාගත්ත ..
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..