මීදුම් .... 26
කල්ප මාව ඇදන් යද්දි මමත් එයාගෙ පස්සෙන් ගියා.. අපි දෙන්න එක්ක ගියෙ හොටෙල් එකේ දෙවනි තට්ටුවට
" මේ මොකද කරන්න් මොනාද කන්නෙ ...."
"උබ කාපන් බන් මට නම් බඩගිනි නෑ..."
මන් එහෙම කියල එතන ජනේලෙ කිට්ටුව තිබ්බ මේසෙක වාඩි උනා...
" මේ පිස්සු කෙලින්නෙ නැතුව මොනා හරි කාපන් ... උබ උදේට කාලත් නෑ නේද..."
"අනේ බඩගිනි නෑ බන්...."
"අනේ මේ මගෙන් ගුටි කන්න එපා.. එහෙනම් උබ ඉදපන් මන් මොනා හරි අරන් එන්නම්..."
කල්ප එහෙම කියද්දි මන් හා කියන්න වගේ ඔලුව වනල මගෙ ෆෝන් එක ඔබන්න ගත්ත...
අනේ මන්ද මගෙ ඔලුව නිකන් යකාගෙ කම්මල වගේ... කන්ට්රැරැක් එක ලැබෙයිද
නැද්ද... අපේ මහන්සිය වතුරෙ යයිද..
අනුශ්ක අයිය මාත් එක්ක අවුල් ගනීද..
ඔය වගේ ප්‍රශ්න කෝටියක් මගෙ ඔලුවෙ...........................................
මන් ආපහු පියවි සිහියට ආවෙ කල්ප ඇවිල්ල මට කතා කරපු නිසා..." මීදුම් .... මීදුම් ..."
"ආ ඔව් කියාන්..."
"කොයි ලෝකෙද බන් ඉදියෙ ...මන් කී පාරක් කතා කරාද... "
" ආ සොරි බන් ... ඇයි කතා කරේ...මන් වෙන කල්පනාවක ඉදියෙ...."
" ම්ම්ම්... හරි දැන් කාල ඉදපන්..."
එහෙම කියද්දි තමා මන් දැක්කෙ කල්ප කෑම ගෙනත් කියල...
පේස්ට්‍රි වගයකුයි චොක්ලට් කේක් එක්ක දුම් දාන කෝපි කෝප්ප දෙක දැක්කහම මට පොඩි බඩගින්නක් දැනෙන්න ගත්තා..
" ඉතින් කනව මනුස්සයයො.. ඕක දිහා බලන් නොයිද.."
කල්ප එහෙම කියන ගමන් මගෙ ප්ලේට් එකට පේස්ටි එකකුයි කේක් කෑල්ලකුයි දැන්ම..............................................................
උදේ ඉදන්ම බඩගින්නෙ ඉදිය නිසාද මන්ද මමත් හොදට කෑව.. කොහොම හරි දෙන්න එක්ක අරන් ආපු කෑම ඔක්කොම ඉවර කරල කෝපි කෝප්ප හතරක්ම ඉවර කරල තමා කන එක නතර කරේ...
" හ්ම්ම්ම්... බඩගිනි නෑ කියපු එකානෙ යකෝ වැඩුපුර කෑවෙ ..."
කල්ප අන්තිම කෝපි උගුරත් බීල ඉවර කරල කිව්ව...
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..