මීදුම්...54...
වීදුරුව බිම වැටිල මහ සද්දෙන් බිදිල යද්දි මාව ඒ සද්දෙන් ගැස්සිලා ගියා ඒ උනත් ඒ කෙනා ඇහිපිය ගහන්නෙ නැතුව මගෙ දිහාම බලන් ඉදිය....
" තාත්තී.. මොකද උනේ..."
නිකිල් කෑ ගහගෙන අර මනුස්සය ලගට යද්දි තාරක අයියත් එතනට ගියා ඒත් මන තාම බයවෙලා වගේ එකම තැනකට වෙලා බලන් ඉදිය...
" තාත්ති ... තාත්ති... මොකද උනේ කතා කරන්නකො.. ඔයාට..."
"ආහ්.. ලොකු.. හ්ම්ම්.. මන් හොදින්.. කෝ ඔයාල එහාට වෙන්න මෙතන් වීදුරු කටු..."
"මොකද තාත්තෙ උනේ..."
"ආ මගෙ අත පොඩ්ඩක් ලිස්සුව.. ඒකයි..."
හැම දෙයක්ම නෝමල් කලබල වෙන්න එපා කියන්න වගේ නිකිල්වත් එතනින් අයින් කරන ගමන් කතාකරද්දි මන් හිටියෙ මේ මොකද උනේ කියල හිත හිත...
" අනූ.. මොකද උනේ..."
මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩක් නිසා මන් ආයි ඒ දිහා හැරෙද්දි මන් දැක්කෙ තවත් මැදි වයසෙ පිරිමි කෙනෙක්ව.. එයා පඩිපෙල බහින ගමන් ඉක්මනට අපේ දිහාට ආව.. ඒත් එක්කම මාව දැක්ක එයාගෙ ඇස් කලින් කෙනාගෙ වගේම පුදුමෙන් පිරෙද්දි මට මටත් උනේ උමේෂ් අංකල් මධූ නැන්ද.. මාව දැක්කහම පුදුම උනෙත් මේ වාගේමයි නේද කියාන ගමන්...
" මොකුත් උනේ නෑ අප්පච්චි තාත්තිගෙ අත බැරි වෙලා වීදුරුව බිදුන..."
නිකිල් උත්තර දෙන ගමන් කිව්ව..
" ආ හරි ඔයාල අයින් වෙන්න ඔතනින් මන් කොස්සක් අරන් එන්නම්.. ලොකූ කෝ තාත්තත් එක්ක ඔතනින් අයින් වෙන්න අනික මේ ලමයින්ට වාඩි වෙන්න කියන්න මන් ටක් ගාල එන්නම්..."
..........................................................
දෙවනියට ආපු පිරිමි කෙනත් එහෙම කියල ගගන් ගිය දිහාට ඉක්මන් ගමනින් ඇවිදල ගියා.. එතකොටම තමා මට තව දෙයක් ක්ලික් උනේ.. නිකිල් ඒ එක පිරිමි කෙනෙක්ට තාත්ත කියද්දි අනික් කෙනාට අප්පච්චි කියල කතා කරා... ඒත් එක්කම ඒ උන දේවල් මන් කල්ප්පනා කරද්දි නිකිල් කතා කරා...
"තාරක.. ඔයාල එන්න වාඩි වෙන්න.. තාත්ත ඔයත් යමු මන් මෙතන අස්කරන්න අප්පච්චිට උදව් කරන්නම්..."
ŞİMDİ OKUDUĞUN
මීදුම්.
Romantizmජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..