මීදුම් ....27
ඔව් මන් ආදිට ආදරෙයි ... පනටත් වඩා ආදරෙයි.. ඒ ගැන් ආයි දෙපාරක් කල්පනා කරන්න දෙයක් ඇත්ත්ටම නෑ...
මන් ලොකු සර් අහපු ප්‍රශ්නෙට උත්තර දීල ලොකු සර් දිහා කෙලොන්ම බලන් ඉදියෙ ඊලගට මොන දේ උනත් කොහොම හරි ඒ දේට මන් මූන දෙනව කියල් හිතන්.." හ්ම්ම්... හරි..."
ඇත්තටම ලොකු සර්ගෙ ප්‍රතිචාරෙ නිසා මන් කලබල උනා... මොකද ඒ මූනෙ කේන්තියක් වත් දුකක් වත් බලාපොරොත්තු කඩවීමක් වත් මන් දැක්කෙ නෑ දැක්ක එකම දේ සැනසිලිදායක් පෙනුමක්...
" මොකද ඔය ගල් වෙලා වගේ බලන් ඉන්නෙ දරුවො..."
"නෑ... ලොකු සර්...."
"මන් බැනල එලව ගනී කියල හිතුවද ..."
ඇත්තටම මන් හිතුවෙ එහෙම වෙයි කියල නම් තමයි ඒත් ලොකු සර්ගෙ මේ බලාපොරොත්තු නොවුන හැසිරීම මාව තවත් කලබල කෙරුව...
" බය වෙන්න එපා දරුවො... මන් එහෙම හිතක් පපුවක් නැති කෙනෙක් නෙවෙයි අනික් ඔක්කොටම වඩා මන් ආදිගෙ අප්පච්චි මට වටින්නෙ මගෙ කොල්ලගෙ හිනාව විතරයි.... "
එහෙම කියපු ලොකු සර් එතනම තිබ්බ පුටුවක වාඩි වෙද්දි මමත් එතනින් වාඩි උනේ ඇත්තටම මේ දේ වෙනවද කියල හිතාගන්න බැරිව...
" මගෙ දරුව අවුරුදු ගානක් රට ඉදිද්දි මන් ඒ ගැන් හොයන්නෙ නැතුව ඉදියි කියල ඔයා හිතවද පුතේ ... ඔයා දන්නවද මගෙ කොල්ලො දෙන්නට මන් ගොඩක් ආදරෙයි මොකෝ මන් දියුනු උනේ ඒ දෙන්න නිසා.. ඒ දෙන්නට ලස්සන ජීවිතයක් දෙන්න ඕනි නිසා..පොඩ්ඩිනම් ඉතින් ඉපදුනේ පස්සෙනෙ .."
ලොකු සර් ඈත් පේන පරිසරය දිහා බලන් කතා කරද්දි මන් ඒ හැම වචනයක්ම අහන් ඉදිය...
" ඇත්තටම මන් මුලින් දුක් උනා දරුවො..
මගෙ මුනුබුරෙක් එක්ක සෙල්ලම් කරන්න ආදරේ කරන්න මමත් බලාපොරොත්තු උනා ඒත් මගෙ සතුටට වඩා මගෙ දරුවන්ගෙ සතුට මට වටිනව දරුවො... අනික ඔය දෙන්න බැන්ද කියල බැහැ මට කොහොම හරි පොඩි එකෙක්ව හුරතල් කරන්න ඕනි..."ලොකු සර් මගෙ දිහා හැරිල හිනා වෙන ගමන් කියද්දි මගෙ හිත ටිකක් සැහැල්ලු උනා...
ESTÁS LEYENDO
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..