මීදුම් ....10
"ලොකූ....දැන්ද ආවෙ ලොකු .."
මගෙ ඇදේ එක පැත්තකින් වාඩි වෙලා මගෙ ඔලුව අතගාන අයියව දැක්කහම ඇහුව..." හ්ම්ම්ම්.. ටිකකට කලින් ආවෙ බන්... කොහොමද දැන් හොදද..."
" දැන් අඩුයි ලොකූ..."
"මන් දන්නෙ අද අම්ම කෝල් කරල කිව්වහම... "
"ආ කමක් නෑ ලොකූ ඒ තරම් ලොකු ලෙඩක් නෙවෙයිනෙ..."
"බේත් ගත්තද .."
"ඔව්.... බේත් වලට නින්ද යනව හලෝ මලා වගේ...
කෝ අපේ අම්මල..."" ආ අම්මල ගියා අන්න.. කොහෙද... "
" ම්ම්... ආ ඔව් යනව කිව්ව තමයි මට ..."
"මේ මොනවද ඕනි ගෙනහල්ල... මන් හදිස්සියෙ බලන්න ආවට මොකුත් අරන් ආවෙ නෑ..."
"මට මොකුත් ඕනි නෑ ලොකූ... අනික දැන් මට අඩුයි....."
" ... දැන් අම්මල එනකම් තනියමද..."
"..ම්ම්ම්ම් ඔව් ගානක් නෑ මන් ටිකක් නිදාගන්නව..."
" යමු අපේ ගෙදර එහෙනම්... "
"අනේ ඕනි නෑ ලොකු ... මන් නිදාගන්නව....
...........................
මේ ඒක නෙවෙයි පොඩි දෙයක් ඕනි..මට...""මොනාද...මන් අරන් එන්නම් කියන්න .."
අයිය ඇදෙන් නැගිටින්න හදන ගමන් කිව්ව..." මොකුත් ගෙනල්ල ඕනි නෑ මගෙ ඔලුව ටිකක් අත ගාන්නකො..."
මන් එහෙම් කිව්වහම අයිය යන්තම් හිනා වෙලා ඇදට හේත්තු උනා...
මමත් ටක් ගාල එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තම එයා මගෙ කොන්ඩෙ අතරෙන් එයාගෙ ඇගිලි යව යව මසාර් කරන්න ගත්ත..
ඒ දැනුන සනීපෙ නිසා මගෙ ඇස් ඉබේටම පියවෙලා ගියා.....................................................................
මන් බෑ බෑ කියද්දි අයිය බලෙන්ම වගේ මාව එයාලගෙ ගෙදර එක්ක ගියා...
මගෙ බේත් ටිකයි ඇදුම් වගේකුයි බෑග් එකට දාගෙන යමු කියලා කිව්වහම ඉතින්
මන් කටවහගෙනම ගිහිල්ල කාර් එකට නැග්ගා..එලියෙට ආව විතරයි හමාගෙන ආපු හුලන් පාරක් නිසා මගෙ ඇගේ හිරිගඩු පිපිල ගියා...
හීතල නිසා මනත් දෙකත් එකට බැදගෙන කාර් එකට නැගල එහෙමම හිටිය...
BINABASA MO ANG
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..