මීදුම් 57

646 118 33
                                    

මීදුම් ....57

මෙච්චර වෙලා වටපිටාවෙ දැනෙන සීතල එක පාරටම තදින්ම දැනෙන්න ගත්ත කියල මට දැනුනත් මට ඇස් අරින්න  හිතුනෙ නෑ.. හැම දේම  සීතලින් පිරිල තිබ්බත් මගෙ තොල් වල පැටලිලා තිබ්බ ගගන්ගෙ  තොල් දෙක තවමත් උනුහුමෙන් පිරිල මගෙ තොල් එක්ක යා වෙද්දි එයාටවත් මටවත් අපි දෙන්නගෙන් ඈත් වෙන්න ඕනි කමක් දැනුනෙ නෑ...

කොයි තරම් ඒ තොල් පෙති වල දග කරත් මට ඒක එපා උනේ නෑ..  මගෙ ඇසි පිය ඇරල වටපිටාවෙ වෙන්නෙ මොනාද කියල  තරන්වත් මට උවමනාවක් තිබ්බෙ නෑ   අනික මට ගගන්ගෙ මූන දිහා බලන්න ඕනි උනා ඒත් ඒකට වත් මට ඇස් අරින්න හිතුනෙ  නෑ.. මගෙ අත් ගගන්ගෙ බෙල්ල පුරා පටලැවෙද්දි ගගන් මගෙ ඔලුව පිරිපස්සෙන් යාන්තමින් අල්ලගෙන මාව එයාගෙ දිහාට තද කරගෙනම  මගෙ තොල් පෙති එක්ක දග කරා..

ඈත් වෙන්න හිත කොයි තරම් බැහැ කිව්වත් මන් මගෙ අත් දෙකෙන් ගගන්ගෙ කම්බුල් දෙක උඩින් තියන ගමන් එයාගෙ තොල් වලින් මගෙ තොල් අහකට ගනිද්දි මන් ඉක්මනටම ඇස් ඇරිය.. මන් වගේම ගගනුත් ඇස් ඇරල කියල මන් දැක්කෙ එයා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් ඉදිද්දි..

"මීදුම්......"

"කියන්න...."

" ඇයි... ඇයි ඔයා මාව කිස් කරේ.."

ගගන් අහද්දි මන් එයා දිහා ආපහු බැලුවෙ  මන් ඒ ප්‍රශ්නෙට උත්තරර වෙන්නම අහන්න ඕනිද කියල හිතෙන් කියන්  ගමන්..

" මන් ඔයාට ආදරේ නිසා.."

මන් යාන්තම් මුමුනද්දි ගගන්ගෙ ඇස් ලොකු වෙලා යනව මන් දැක්කා..ඒත් එක්කම එයාගෙ ඇස් වල කදුලු බින්දු මත් වෙද්දි එයා ආයි කතා කරන්න ගත්තා..

"ඇත්තටම ඔයා මට ආදරේද මීදුම්...".

ගගන් එයාගෙ එක අතක් මගෙ කම්බුලක් උඩින් තියන ගමන් මගෙ ඇස් දිහාම බලන් ඇහුව...

" ඔව්... මන් ආදරෙයි .."

"ඔය ඇත්තමද මගෙ රත්තරනේ .. මන් මෙච්චර උබට වද දුන්නමත් උබ මට ආදරේද..."

"ඔව්.. මන් ආදරෙයි .."

" ඇත්ත මන් මේ හැගීම් වලට දෙන්න නමක් මේ මොහොත වෙනකම් දැනන් ඉදියෙ නෑ.. ඒත් මන් දැන් දන්නව මන් ඔයාට ආදරෙයි ගගන්...මන් ආදරෙයි.."

මීදුම්.Donde viven las historias. Descúbrelo ahora