මීදුම් ...61
" අයියෙ .... ඔයා ඇයි හදිසියේ ආවෙ...ටිකක් රිලැක්ස් එකේ ඉදල් එන්න එපැයි..."
"ඒකට ගානක් නෑ බන්.. උබත් තනියමනෙ.."
අයිය මගෙ ලගට ඇවිල්ල මගෙ එහාපැත්තෙන් වාඩිවෙන ගමන් ඇහුව...
" ඒයි.. කාගෙද මේ ෆෝන් එක අලුත්ම එකක්නෙ..."
අයිය මේසෙ උඩ්න් තියල තිබ්බ ගගන් මට අරන් දීපු ෆෝන් එක අතට ගන්න ගමන් කියද්දි තමා මට කට උත්තර නැති උනේ
" ආ.. ඒක මගෙ අයියෙ..."
"අම්මට සිරි කොල්ල දියුනුවෙලානෙ..."
"ඔව් අයියෙ නිකිල් ටවුන් එකට යද්දි මමත් ගියා.. අප්පච්චි කෝල් කරොත් මට කතා කරන්න එකක් නෑනෙ නැත්තම්..."
"ඒක හොදයි.. ඒත් මන් අද ආවෙත් ඔයාව එක්ක යන්න කියල ටවුන් එකට..."
"අයියෝ මන් දන්නෙ නෑනෙ අයියෙ..."
"ඒකට කමක් නෑ කොහොම හරි වැඩේ උනානම් එච්චරයි .. මේ ඒක නෙවෙයි වැඩ වල තත්වෙ කොහොමද.."
"ම්ම්.. මන් බලාගෙන ගියා අයියෙ මේ ටික.. ආපහු ඒ ටික සමරි කරන්න ඕනි එච්චරයි.."
"අම්මෝ කොල්ල වැඩකාරය වෙලානෙ.. හරි එහෙනම් අපි මේ ටික බලල ඉවර කරමු අද ..."
..............................................................
ඉතුරු හවස් වරුවම වගේ ගෙවුනෙ අයිය එක්ක ෆයිල් ටික බල බල.. අයිය එහෙ මෙහෙ වෙනකම් බලල ගගන්ට මැසේජ් එකක් දාල හොරෙන්ම ඒවට එන රිප්ලයි බල බල මන් අයිය එක්ක හවස් වෙනකම්ම වැඩ කරා...
" සුදූ..."
"ම්ම්ම්...ඇයි අයියෙ.."
"ඔය මැදෑ බන් අදට.. වෙනදට මෙච්චර වෙලා වැඩ කරන්නෙ නෑනෙ බන් අපි.. අපි යමු දැන්.. ටික ටික සීතලත් වැඩි වෙනව..."
"ආ හරි අයියෙ..."
මමත් අයිය කියනකම්ම වගේ බලන් ඉදියෙ මොකද ගගන්ව ගොඩ වෙලාවකින් මන් දැක්කෙ නෑ.. අනික් මගෙ හිත ගගන් නැතුව පාලුවෙන් පිරිල කියල මට දැනුන.. ඒක නිසාම මන් ෆයිල් ටික අස් කරල දාල අයිය එක්කම ගගන්ලගෙ ගෙදරට යන්න පිටත් උනා..
.................................................................
ESTÁS LEYENDO
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..