මීදුම් ....64
ආපහු කොලබ යන එකේ හොදම දේ උනේ මට ගගන්ගෙ ලගට වෙල ඉන්න තවත් ඉඩ ලැබෙන එක..
නුවරඑළියේ ඉදල වාහන දෙකක් කොලබ යන්න පිටත් වෙද්දි එයින් එකක මමයි ගගනුයි තාරක අයියයි නිකිලුයි යද්දි අනික් එකේ අනුශ්ක සර් එක්ක නිහාන් සර් ආව...
තාරක අයිය ගගන්ගෙයි මගෙයි ආදරේට හිත පිරෙන්න එයාගෙ ආශිර්වාදය දෙද්දි මන් ගගන්ගෙ ලගට තුරුල් වෙලා ගතවෙන හැම තත්පරයක්ම හිතේ හැටියට විදගත්තෙ හරිම ලෝබ කමකින්..
අතීත මතකයන් මගෙ ජීවිතයට අහම මන් මුලින්ම බය උනත් මගෙ ජීවිතය කනපිට ගැහෙයි නේද කියල ඇත්තටම එහෙම දෙයක් උනේ නෑ.. මන් හිතන්නෙ ඒ දේ නිසා මගෙ ආදරේ තවත් වැඩි උනා ...
මන් අතීතය අපේ අතරට ගෙනහල්ල ඒක බාදාවක් කරගන්න ගියෙ නෑ.. අනික මන් කොහොමවත්ම මේ ගැන ගගන්ට කිව්වෙ නෑ... මන් අත්දැකීමෙන්ම දන්නව ආදරේ වගේම අපි මේ ආසාවෙන් ලන්වෙන වගේම ලන් කරගන්න හැම දෙයක්ම නැතිවෙලා යන්න එක තත්පරයක් ඇති කියල.. ඒක නිසාම මන් මගෙයි ගගන්ගෙයි ආදරේට සීමා කිසිම දෙයක් තියන්නෙ නෑ කියල හිතාගත්තා...
..................................................." සුදූ...."
"ඔව් කියන්න ගගන්..."
" නෑ.. ඔයා සද්ද බද්ද නැති නිසයි මන් බැලුවෙ මොකද කියල.. මන් හිතුවෙ නිදි කියල..."
"ආ නෑ.. මන් ඇහැරිලා ඉන්නෙ ගගන්..."
මන් ගගන්ගෙ තුරුල්ලට හේත්තු
වෙලාම කිව්ව.." ගගන් සර් ...."
"ආ ඔව් කියන්න තාරක අයියෙ..."
"අපි තව පැය බාගෙන් කොලබට යනව.. මන් සුදූව පෙන්නන ඩොක්ටට චැනල් කරා.. සර් මල්ලි එක්ක යනවද ඩොක්ටව මීට් වෙන්න...."
"ඇ හරි අයියෙ මන් යන්නම් තෑන්ක්ස්..."
ගගන් එහෙම කියද්දි මම තාරක අයිය එක්ක කතාකරන්න ගත්ත..
" අයියේ..."
"ඔව් කියන්න...."
"නෑ මේ... උමේෂ් මාම..."
" මන් තාත්ත ගැන බලාගන්නම්.. ඔයා ගිහිල්ල එන්න.. "
"තෑන්ක්ස් අයියෙ..."
" තෑන්ක්ස් මොකටද බන්...පිස්ස..."
...........................................................
ESTÁS LEYENDO
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..