මීදුම් ....33
මන් කෙලින්ම ගියෙ කුස්සියට ගිහිල්ල පැන්ට්රි එක උඩින් ගෙනාපු කලමනා ටික තිබ්බ මන් කල්පනා කරන්න ගත්තෙ හසී කියපු දේ නිසා සචින්තයි නිකියි අවුල් ගනීද කියල..
ගොඩක් මිනිස්සු අපිව තේරුම් ගත්ත උනත් හැම මනුස්සයෙක්ම අපිව තේරුම් අරගනී කියල හිතන්න තරම් මන් කොහොමටත් බොලද වෙන්නෙ නෑ..." සුදූ...."
මන් ඉදපු කල්පනාවෙන් මන් මිදුනෙ ආදිගෙ කටහඩින්...
" ආ... ඇයි ආදි..."
"එක තමයි මන් අහන්නෙ මොකෝ එක පාරටම කල්පනා කරන්න ගත්තෙ මූනත් හොද නෑ..."
"නෑ ආදි එහෙම මොකුත් නෑ..."
"නැත්තෙ නෑ ... දැන් ඔය අවුලෙන් ඉන්නෙ අපේ පොඩ්ඩි අරුන් දෙන්න ඉස්සරහ කියෝපු නිසාද...."
"හ්ම්ම්.."
"අනේ පිස්සො...".
ආදි එහෙම කියන ගමන් මාව එයා ලගට ඇදල ගත්ත..." මේ අහනව..නිකී අපේ පොඩ්ඩි එක්ක එකට ඉගෙන ගත්තෙ ඒකත් ලන්කාවෙන් පිට.. මේවගේ දේවල් එයාට නෝමල් දේවල්.. ඒත් එක පාරටම නිසා එයා ටිකක් ශොක් වෙන්න ඇති අනික සචින්ත කියන්නෙ ගොඩාක් හොදට මිනිස්සුන්ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.. ඒක නිසා අවුල් ගන්න එපා..."
එහෙම කියන ගමන් ආදි මගෙ නලලට කිස් එකක් දුන්න....
" එක්ස්කියුස් මී මේක පබ්ලික් ඒරියා එකක් දෙන්න පෙම් කෙලින්න ඕන්නම් රූම් එකට යන්න ප්ලීස්..."
අනුශ්ක අයිය කුස්සියට එන ගමන් කියද්දි මන් හිනාවෙවී ආදි ලගින් අයින් වෙන්න හැදුව ඒත් මේ බූරුව තවත් මාව
ඒකගෙ අත් වලින් තදකරගත්තා...එහෙම කියන ගමන් ආපු අනුශ්ක අයිය තව බඩු වගයක් මේසෙ උඩින් තිබ්බ...
" අයියෙ..."
"කියන්න සුදු මල්ලි..."
"යකෝ දැන්නෙ මගෙ එකාගෙ සුද ඔක්කොටම පේන්න අරන් තියෙන්නෙ.."
ආදි අනුශ්ක අයියට බැන බැන මගෙ උරහිස්ස්කට එයාගෙ නිකට හිටින විදිහට තියන් කතා කරද්දි මට හිනා...
" උබට ඊරිසියාව ... "
"ඔව් ඊරිසියයි තමයි ...."
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..