මීදුම් 49

575 103 11
                                    

මීදුම්...49


මට දැනුනෙ මන් කවුරුත්ම නැති කට්ට කලුවර කාබරේක ඉන්නව වගේ..
ඒ කලුවර අතරින් මට යාන්තමින් ගගන්ගෙ කටහඩ ඇහෙද්දි මන්  පුලුවන් උපරිමයෙන්ම ඒකට අවදානය දුන්න...
ඇත්තටම මට දැනුනෙ මන්න් හීනයක් දකිනව වගේ...

" මීදුම් .. මීදුම් .. මොකද උනේ.. "

ගගන් සර්ගෙ කලබලය පිරුනු කටහඩ ඈතුන් ඇහෙද්දි මට දැනුනෙ ලොකුම ලොකු සතුටක්..

" ගගන්... මොකද  බන් උනේ..."

"අනේ... අනේ මන්ද බන්.. මන් එයාව පාරෙ ඉද්දි ඇදල ගත්ත... එක පාරටම කොල්ල සිහිය නැතුව වැටුන.."

"ඇත්ත කියපන් උබ කොල්ලට බැන්න නේද..."

නිකිල් දැක්ක වගේ අහද්දි මට පුදුම හිතුනෙ නිකිල් ගගන්ව කොයි තරම් ලගින් දන්නවද කියලා හිතුන නිසා..

" ..ම්ම්.. ඔව් බන්... මට කෑ ගැස්සුනා.. මේ පිස්ස මෝඩයෙක් වගේ  පාරෙ ගිය නිසා..."

"දැන් කවුද ඒකට වැරදි... හරි ඔය මැදෑ.. උස්සනව මේ ලමයව පාරෙ තියන්නද...කැබ් එකේ වතුර එකක් ඇති..."

ඒත් එක්කම් හැම දේම නිශ්ශබ්ද වෙද්දි මට ඈතින් වගේ තවත් කටහඩක් ඇහුන...

" මල්ලි .. මල්ලියො... නිකිල් සර් මොකද මගෙ කොල්ලට උනේ..."

"කලබල වෙන්න එපා කොල්ල ෆේන්ට් වෙලා  බයවෙන්න එපා..."

ඒත් එක්කම මට හරිම සැහැල්ලු ගතිය දැනෙද්දි මූන පුරා තෙත ගතියක් දැනුන..

මට ඇස් අරින්න ඕනි උනත් මගෙ ඇහිපිය හොල්ලන්නවත් මට පුලුවන් උනේ නෑ.. තවමත් මන් අදුරු තනිකමෙන් පිරුනු කාබරේක හිරවෙලා කියලයි මට දැනුනෙ ඒත් මට වටපිටාවෙ වෙන හැම දේම   ගැන අවබෝදයක් තිබ්බ..

කවුරු හරු කෙනෙක් මගෙ ඔලුව සිනිදුවට අතගානව කියල මට දැනුන ඒත් එක්කම මගෙ මූනෙ තෙත ගතියකුත් මට දැනුන..

" නිකිල් .. ඇයි බන් කොල්ලට සිහිය ආවෙ නැත්තෙ..."

"මන් දන්නෙ නැ ගගන්... තව ටිකක් බලමු අපි ...
තාරක ... මීදුම්ට වෙන මොකක් හරි මෙඩිකල් කන්ඩිශන් එකක් තියනවද අපි දන්නෙ නැති..."

මීදුම්.Kde žijí příběhy. Začni objevovat