මීදුම් ....60
එක දිගටම ෆයිල් ටික දිහා බලන් ඉදලම මගෙ ඇස් දෙක ටිකක් රිදෙන්න ගත්ත.. ඒක නිසා කන්නාඩි දෙක ගලවල දාපු මන් මේසෙ උඩ තිබ්බ ෆයිල් ටික උඩින්ම ඔලුව තියාගත්තෙ ඇස් වලට පොඩි නිදහසක් දෙන්න හිතාගෙන..
.....................................................මට මතක තිබ්බෙ මහන්සිය නිසා ඇස් දෙය යාන්තම් පියාගන්නව විතරයි..
ආයිමත් මට දැනුනෙ මගෙ කොන්ඩෙ කවුරු හරි අතගානව වගේ..
ඒ ඇගිලි සීරුවට මගෙ කොන්ඩෙ පුරා රටා මවද්දි මන් නින්දෙන්ම ඒ ගැහීම වින්දත් මන් එහෙමම ගැස්සිලා ඇහැරුනේ මන් විතරයිනෙ මේ ගෙදර නෙවෙයි ඉන්නෙ කියල මතක් වෙච්ච නිසා..." සුදු.. මේ මම...."
මන් ගැස්සිලා වගේ නැකිටිද්දි මගෙ ලගම ඉදපු ගගන් කිය්ද්දි මන් එයාගෙ මූන දිහා බලුවෙ නිදිමතේමයි...
කලු ජර්සි එකක් ඇදල කොන්ඩෙ අවුල් කරගෙන මගෙ ලගම තිබ්බ් පුටුවෙ වාඩි වෙලා ඉන්න ගගන්ව දැක්කම මට හිතුනෙ වැඩ කරන එක පැත්තකට දාල මේ පිස්සට තුරුල් වෙලා නිදාගන්න.. වටපිටාවෙ තිබ්බ සීතල එක්ක මගෙ නිදිමත තවමත් එහෙමමයි...
" ආ.. සොරි ගගන්.. ඔයා දැන්ද ආවෙ මට නින්ද ගියා..."
" ඔව් මන් ටිකකට කලින් ආවෙ.. ඔයාට නිදිමත නම් කාබරේට යන්න.. ෆයිල් ටික හිමින් සැරේ චෙක් කරමු.."
" බෑ ගගන් මන් අයිය එන්න කලින් මේ ටික කරන්න ඕනි.. නැත්තම් එයත් ආයි මේව බලල මහන්සි වෙනවනෙ.."
"හ්ම්ම්ම්.. තාරක තවම ආවෙ නැද්ද..."
"නෑ තවම නෑ...ඔයාල ටවුන් ගිහිල්ල දැන්ද ආවෙ..ගිහිල්ල දෙන්න පිස්සු නැටුවද..."
"අපොයි ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ අර පිස්ස මාට ශොපින් කරන එක එපා කරා..."
"මොකක් ඔයාල ශොපින් කරන්නද ගියෙ..."
"ඔව්... නිකිල්ට මොකද්ද ඇදුමක් ගන්න ඕනි කියල ගියා.. අයියෝ මට එපා උනා..බැරිම තැන මන් වාඩි උනා ඌට ඕනි එකක් හොයාගන්නා කියල.."
ගගන් කියද්දි මට හිනා...
" මොකද මැට්ටො හින් වෙන්න්නෙ.."
"නෑ මට මැවිල පේන්ව..වෙච්ච දේ..හි හි..."
VOUS LISEZ
මීදුම්.
Roman d'amourජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..